Monday, June 4, 2012

ඔබ සමලිංගිකත්වයට විරුද්ධ වන්නේ ඇයි.? ඔබ ඉදිරිපත් කරන තර්ක.. From Malata Noena Bambaru

 සමලිංගිකත්වය ගැන සමාජයේ එකිනෙකා තමන්ට හිතෙන හිතෙන නොයෙක් දේ කියනවා.ඒත් ඒ බොහෝමයක් ඇත්ත නෙවෙයි.ඒ ගැන ලියවුණු ඉතා වටිනා ලිපියක් තමයි මේ.


Link- http://malatanoenabambaru.blogspot.com/2012/05/blog-post_19.html

1.සමලිංගිකයින් යනු මානසික රෝගිහු වෙති.

නැත. නූතන මනෝ විද්‍යාව සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස නොසලකයි. සමලිංගිකයින් වෙත එල්ලවෙන අධික නින්දා අපහාස, පවුලෙන්, හිතමිතුරන්ගෙන් වන කොන්කිරීම්, නිශ්චිත සහකරුවෙකු සොයාගත නොහැකිවීම, තම හැගීම් පවසා ගැනීමට කෙනෙක් නැතිවීම ආදී කරුණු නිසා ඔවුහු අධික මානසික පීඩනයට සහ මානසික ආතතියට පත්වෙති. එනිසා ඔවුහු විශාදය, කාංසාව වැනි මානසික රෝගවලට ලක්වෙති.

2. සමලිංගිකයින් එකිනෙකාට ආදරය නොකරති. ඔවුහු ලිංගික තෘප්තිය පමණක් සොයායති.



මෙසේ වන්නේ එක්තරා කොටසකින් පමණි.සමහර පිරිමි ගණිකාවන් සොයායන්නා සේ සමහර සමලිංගිකයින් එසේ ලිංගික තෘප්තිය සොයායති. මෙය වැඩිපුරම සිදුවන්නේ ගැහැණු, පිරිමි දෙපාර්ශවය කෙරේම ලිංගික හැඟීම් ඇතිවෙන ද්විලිංගිකයින් අතරිනි. ඇත්තෙන්ම ගැහැණු- පිරිමි ආදරය කරනවා මෙන්ම සමලිංගිකයින්ද තම සහකරුවාට ආදරය කරති. ආදරයේ කිසිදු ආකාරයක වෙනස්කමක් නැත.ඔවුන්ද තම සහකරුවා සමග මුළු ජීවිත කාලයම පෙමින් බැදී ජීවිත්වීමට ආශාකරති.ඔබ Brokeback Mountain(2005), Maurice(1987) වැනි චිත්‍රපටියක් නැරඹුවානම් සමලිංගික ප්‍රේමය පිළිබඳ ඔබ තුළ ඇති අදහස් වෙනස් වනවා ඇත.

3.සමලිංගිකත්වය තමන්ගේ කැමැත්ත මත සිදුකරන තෝරාගැනීමකි. අවශ්‍ය නම් එයින් ඉවත්විය හැක.

සමලිංගිකත්වයට නිශ්චිත හේතුවක් අද දක්වාම විද්‍යාඥයින් අතින් සොයාගෙන නැත. මන්ද මෙය තමන්ගේ සිත තුල ඇතිවන කැමැත්තක් නිසාවෙනි. මෙය මානසික රෝගයක් නොවන බැවින් ඊට ප්‍රතිකාරද නොමැත. ද්විලිංගිකයින්ට සමලිංගිකත්වයෙන් මිදිය හැකිමුත්, සමලිංගිකයින්ට එසේ කළ නොහැක. එසේ මිදීමට තැත්කිරීම තමන් අකමැති දෙයකට කැමතිවන්නට යනවාක් මෙන් පීඩාසහගත දෙයකි.
4. සමලිංගිකයෝ ළමා කාමාතුරයෝ වෙති.


මෙයද වැරදි මතයකි. සමහර පිරිමි බාල වයස්කාර දැරියන්ට අපචාර කරනවාසේ, සමහර සමලිංගිකයින් ළමා අපචාර සිදුකරති.එනිසා සියලු සමලිංගිකයින් ළමාකාමාතුරයෝ නොවෙති. කවුරුන් කළද ළමා අපචාරය අපරාධයක් බැවින් එයට නිසි දඬුවම් ලබාදියයුතුය.

5.සමලිංගිකත්වය නූතන සමාජයේ මෑතකදී ඇතිවූවකි. එය බටහිර සංස්කෘතියේ ලක්ෂණයකි.

සමලිංගිකත්වය මිනිස් ශිෂ්ටාචාරයේ මුල් යුගයේ පටන්ම පැවති බවට සාක්ෂි ඇත. පුරාතන රෝමය, ග්රීසිය, ඊජිප්තුව, චීනය, ජපානය, ඉරාකය, තායිලන්තය ආදී රටවල මෙය අතීතයේ සිට පැවති බවට ඕනෑ තරම් සාක්ෂි ඇත. එනිසා මෙය බටහිරන් ආවක් නොවේ. සමලිංගිකයින්ට සමතැන ලබාගැනීමේ පෙරමුණු ඇතිවුනේ බටහිර රටවලිනි. එනිසා මෙය බටහිරින් ආවක් ලෙස සමාජයට පෙනී ඇත.මෙය අතීතයේ බටහිර තහනමට ලක්ව පැවැති දෙයකි.

6. සමලිංගිකත්වය සොබාදහමට විරුද්ධ දෙයකි.

විද්‍යාඥයින් විසින් දැනට අලියා, වඳූරා, සිංහයා, ඩොල්පින්, ආදි ක්ෂීරපායින් පෙන්ගුයින්, පරවි, උකුස්සා වැනි පක්ෂි ආදි සත්ත්ව විශේෂ ගණනාවක සමලිංගික හැසිරීම් වාර්තාකර ඇත. එනිසා මෙය මිනිසුන් අතර පමණක් පවතින දෙයක් නොවේ

7.සමලිංගික ක්‍රියාවක යෙදීම පාපයකි.

මෙරට ප්‍රධාන ආගම වන බුද්ධාගම ඇසුරින් මෙය විමසා බලමු
බුදුදහමේ ගිහියන් සඳහා ඇති පංචසීලයේ තෙවන ශික්ෂාපදයේ දක්වා ඇත්තේ කාම මිථ්‍යාචාරයේ යෙදීමෙන් වළකින ලෙසයි.මෙහි මිථ්‍යාචාර යනු කුමක්දැයි පැහැදිලිව අර්ථදක්වා නැහැ. අනුව නුවර යුගයේ පැවති බහු පුරුෂ විවාහය, රජ කාලයේ පැවැති අන්තඃපුර ආදිය පාප ක්‍රියා නොවේ. මන්ද එහිදී කිසිවෙකුටත් බොරුවක්, වංචාවක් සිදුනොවන බැවිනි. නමුත් අද සමාජයේ මේවා පිළිකුලෙන් හෙලා දකියි.
ගිහියන්ට සමලිංගික ක්‍රියාවේ නොයෙදෙන ලෙස බුදු දහමේ සදහන්ව නැහැ.මේ අනුව වැඩිහිටි ඔබ සමලිංගික ක්‍රියාවක යෙදුන හොත් එය පාපයක් වන්නේ.දැනටම එක් පුද්ගලයෙකු සමග සමලිංගික සබදතාවක් පවත්වන ගමන් ඔහුට\ඇයට හොරෙන් වංචාකරමින් තවත් පුද්ගලයෙකු සමග ලිංගික සබදතාවක් පැවැත්වුවහොත් පමණයි.

8.සමලිංගිකත්වය නිසා සමාජය පරිහානිය කරා ගමන් කරයි.

සමලිංගිකත්වය නීතිගත කළත් නැතත් සමාජයේ කවරකුවත් බලෙන් සමලිංගිකයකු කළ නොහැක. එයට යොමුවන්නේ ඊට කැමත්ත ඇති පුද්ගලයින් පමණී. එනිසා සමලිංගිකත්වය පැතිරවිය නොහැක. මඳක් සිතා බලන්න. ඔබ අකමැති දෙයක් කිරීමට ඔබව බලෙන් එයට යොමුකළ හැකිද?. පර්යේෂණ අනුව සමාජයෙන් සියයට 5ක් සමලිංගිකයෝ වෙති. එනිසා සමාජයේ ඉදිරි ගමනට එය බාධාවක් නොවේ. අලුතින් දරුවන් බිහිවීමේ අඩුවක් ඇති නොවේ.

9.සමලිංගිකත්වය ඒඩ්ස් ඇතුළු ලිංගික රෝග ව්‍යාප්තියට රුකුලකි

මෙය තමන්ගේ හැසිරීම පිළිබඳ ප්‍රශ්නයකි. සමලිංගික නොව වෙනත් ඕනෑම ආකාරයක ලිංගික ක්‍රියාවකින් ලිංගික රෝග බෝවිය හැක. තමන් විශ්වාසවන්ත එක් ලිංගික සහකරුවෙකුට පමණක් සීමාවනවා නම් සමලිංගිකත්වය හෝ වෙනත් ඕනෑම ලිංගිකත්වයක් ප්‍රශ්නයක් නොවේ.

10.සමලිංගිකයින්ට දරුවන් බිහිකල නොහැකි බැවින් ඔවුහු අවාසනාවන්ත ජීවිත ගතකරති.

සමලිංගික යුවලක් ජීවත්වන්නේ වෙනත් ඕනෑම යුවලක් මෙන් ආදරයේ බැදීමෙනි. විෂමලිංගික ඔබට එය වටහා ගැනීම අපහසු ඇති. එහෙත් එවන් ආදරයක් ඇත්තෙන්ම පවතී. එය දන්නේ සමලිංගිකයින්ම පමණි.

*********************************************************************************
මඳක් සිතාබලන්න. ඔබ සමලිංගිකත්වයට විරුද්ධ වන්නේ ඔබට එය කෙරේ පිළිකුලක් ඇතිවන නිසා නේද? .
ඔබ කැමැති විරුද්ධ ලිංගිකයන්ට වුවත්. මම කැමති මගේ ලිංගයේම අයටයි. මම එම පුද්ගලයාට ආදරෙයි. එම පුද්ගලයත් මට ආදරේනම්, නිසා කාටවත් කරදරයක් නැත්නම්, අපේ ආදරයේ ඇති වරද කුමක්ද? ආදරය කිරීම වැරැද්දක්ද?
ලෝකයේ පැවතිය යුත්තේ ඔබ කැමැති දේ පමණක්ද? ඔබ අකමැති දේවල් මේ ලෝකයේ පැවතිය යුතු නැතිද?
ලෝකයේ පැවැතිය යුත්තේ ඔබේ ජාතිය, ඔබේ ආගම, ඔබේ සංස්කෘතිය, ඔබේ දේශපාලන මතය ඔබ කැමති කෑම,බීම, ඇදූම් පැලදුම් පමණක්ද? ඔබට ඔබ අකමැති අනික් සියල්ල පිළිකුල් නේද?
බහුතරය ඔබ වුවත් සුළුතරයට මේ ලෝකයේ ඉඩක් නැතිද?
අනික් කරුණු කෙසේවෙතත් ආදරය කියන උත්තරිතර හැගීමටවත් ඉඩ දෙන්න.
ඔබට ඔබේ ආදරය අහිමි වීමෙන් ඇතිවන වේදනාවම මටත් එලෙසම දැනේ.

3 comments:

  1. me kathawata mama godak garu karanawa.sri lankinayan samalingikathwaya gena danna dewal godak adui.eyala ekata baninawa.kon karanawa.namuth sama lingikayan kiyanneth me samajaye kotasak.e ayatath thamange kiyala kemeththak thiyenawa.athmarthakami wela kisima welawaka samalingikayanta apahasa karanna epa.api godak asaranai.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...