Wednesday, July 25, 2012

එක දවසක් ... By Kanishka Herath




campus ජීවිතය හමාර කල අපි දෙන්නටම රැකියාව ලැබුනේ අවිස්සාවේල්ලට කිට්ටුව තිබෙන නගර දෙකක. ජීවිතයේ තවත් ටික කාලයක් හෝ එකට ඉන්න ලැබෙන එක ගැන අපි දෙන්නටම දැනුනේ පුදුමාකාර සතුටක්. අපි දෙන්නටම යන්න පහසු විදියට කිට්ටුවෙන් අපි ගෙයක් හොයාගත්තා. අවිස්සාවේල්ල - කෑගල්ල පාර අද්දර තිබුන ඒ ගෙදර පුංචි පරණ තාලේ ගෙයක් උනත් ඇත්තටම හරිම සිරියාවයි. පිටිපස්සෙන් වෙල් යාය. වටපිටාවත් හරිම සුන්දරයි. ගෙදර අපි දෙන්නට කෑම හදල දෙන්න නැන්ද කෙනෙක් අවා. උදේ ඇවිල්ල එයා අපිට කෑම හදල දීල හවසට යනවා. මුළු ගෙදරම අපි දෙන්නට අපේ රාජ්ජයක් වගේ තමා. පුදුම ආසාවකින් සහ පුදුම සුන්දරත්වයකින් අපි කාලය ගෙව්වා.

කොහොම නමුත් අපි දෙන්නගේ ආදරයට මම කරපු කැපකිරීම විශාල බව මම දන්නවා. මම උට දුන්න ආදරයට වඩා බොහොම අඩු ආදරයක් තමා මට උගෙන් ලැබුනේ. මගේ හිත ඇත්තටම ගොඩක් ඒ ගැන දුක් උනා. සමහරදාට මට තනියමත් අඩුන ඒක මතක් වෙද්දී.මම ගොඩක් friendly කෙනෙක්. නමුත් උ එහෙම නැහැ. ගමේ මිනිස්සු උනත් මට ගොඩක් කැමතියි. උට කැමැත්තක් තිබුන නම් එහෙම කැමති උනේ උ මගේ යාළුවා නිසා. ඇත්තටම මම ආදරය කරපු තරමටම මටත් උ ආදරය කලානම් කියන ආසාව නිතරම මගේ හිතේ තිබුණා. ඔය අවුරුදු හයක කාලයේ අපි දෙන්න අතර අනන්තවත් පොඩි පොඩි ප්‍රශ්න ඇති උනත් ඉක්මනින්ම ඒවා අමතක කරලා අපි දෙන්නා නැවතත් පුරුදු ආදරයෙන් එකතු උනා.


 නමුත් දවසක් අපි දෙන්න අතර ඇති උන ප්‍රශ්නය ගොඩක් දුර දිග ගියා. මට ඇත්තටම උව එපාම උනා. මගේ හිතේ උ ගැන ලොකුම ලොකු ලොකු අප්පිරියාවක් හට ගත්තා. ඇති උන ප්‍රශ්නය මගේ හිත එතරම්ම කලකිරීමකට පත්කලා. මම ගෙදර යන්න තීරණය කලා. අපි දෙන්න ඒ දවස් වල අපේ post graduate exam එකට පාඩම් කර කර තමා හිටියේ. මම bag දෙකකට පොත් සහ ඇදුම් දාගත්තා. උ දැනගත්තා මම යන්න සුදානම් වෙන බව. උ පැත්තක ඉදන් සැරෙන් ඇහුවා " උබ ගෙදර යන්නද යන්නේ" කියලා. මම කිසි දෙයන් ඇහෙන්නේ නැහැ වගේ මගේ ඇදුම් සහ පොත් සුදානම් කලා. තවත් වෙලාවකින් උ දැනගත්තා මම ගොඩක් ලොකු තීරණයකට ඇවිල්ල වග. උ ලගට ඇවිල්ල" උබ ගෙදර යන්නද හදන්නේ මචන්" කියල ඇහුවා. මම කිසිම ගණනකට නොගෙන මගේ ඇදුම් සුදානම් කරලා මමත් ඇදුම් ඇද ගත්තා. දැන් උ ටිකක් බය වෙලා වගේ මගේ අගට ඇත තියලා "අනේ යන්න එපා මචන්" කිව්වා.


මම ඇත්තටම හිටියේ තරහින්. ඒක නිසා මට ඒවා මොකුත් ඇහුනේ නැහැ වගේ. පස්සේ උ ලගටම ඇවිල්ල මව අල්ලාගෙන "අනේ මචන් උබ යන්න එපා. මට උබ නැතුව ඉන්න බැහැ" කිව්වා. මම කිසිත් නොකියම bag දෙක අරගෙන දොර ඇරගෙන පාරට ආවා. උත් පස්සෙන්ම ආව. ඉස්සරහ තිබුන bus halt එකට මම ගියා. දැන් උ පස්සෙන් එනවා "අනේ මචන් යන්න එපා" කිය කියා. කෑගල්ල bus එකක් ආව. මම බුස් එකට නැගල උ දිහා බැලුවා. උ ඉතාම අහිංසක විදියට ම දිහා බලාගෙන බෙල්ල නවල මට bus එකෙන් බහින්න කියල ඉගි කලා. bus එක ඇද්දුව. උ bus එක ඇතට යනතුරුම බලා ඉන්නවා මම දැක්කා. මගේ හිතේ තිබුන තරහ නිසා ඇත්තටම මට උගේ මොනවත්ම හොදක් ඒ වෙලාවේ මතකයට අවේ නැහැ. bus එක කෑගල්ලට ගියා. නමුත් එතකොට මගේ හිතේ උ ගැන තිබුන තරහ ගොඩක් අඩුවෙලා. මම ගෙදර යන්න අනිත් bus එකට නැග්ගා. පැය හතරක විතර ගමනකින් පස්සේ මම ගෙදරට ලගාවෙද්දී ගොඩක්ම හවස් වෙලා. අම්ම ඇහුවා " මේ මොකෝ හදිසියේම" කියලා. මම මොකුත් නොකියම කාමරයට ගියත් මට දරාගන්න බැරි තරමේ පාළුවක් දැනෙන්න ගත්තා.

  පොත් bag එකත් ඇදුම් bag එකත් දැක්ක අම්ම දැනගත්තා මම ආවේ ටික දවසක් ඉන්න බව. නමුත් මගේ පපුව පිච්චිලා යනවා වගේ දැනෙනවා දැන් දැන්. තොල කට වේලෙන්න ගත්තා. මට හැම තැනම උව පේන්න ගත්තා. උගේ කටහඩත් උගේ හිනාවත් පේන්න ගත්තා. මට මොනවා වෙනවද මටම හිතා ගන්න බැහැ. ආපහු දුවගෙන යන්නමට මොනවා වෙනවද මටම හිතා ගන්න බැහැ. ආපහු දුවගෙන යන්න හිතෙනවා උව හොයාගෙන. කොච්චර පුංචි වේලාවක්ද තරහා තිබුනේ. උ ගැන හිතේ තරහක් ඇති උන එකට දැන් මම මටම දොස් කියගන්නවා. මගේ හිත මටම වද දෙන්න ගත්තා. මට දැන් මතක් වෙන්නෙම උගේ හොද විතරයි. අපි දෙන්න ගෙවන ජීවිතේ ලස්සන පමණයි මට දැන් දැනෙන්නේ. අනේ මම උත් එක්ක තරහ උනේ ඇයි....., මට මගේ හිත පාලනය කරගන්න බැරි උනා.

මගේ මූනේ සතුටක් නැති බව දැනගත්තු අම්මා ඇහුවා "මොකෝ, ප්‍රශ්නයක්ද?" කියලා. මම නැහැ කිව්වා. අම්මා රසට උයල දුන්නත් ඇත්තටම මට කන්න හිතක් නැහැ. මේ රැ ආපහු යන්නත් බැහැ. අම්මා බලාවි මට මොනා වෙලාද කියලා එහෙම යන්න හැදුවොත්. මම ගෙදරට එන ටිකට උ ගෙදරට් calls 3 ක් දීල තිබුණා. "අනේ උට මොනතරම් පාළුවක් දැනෙනවා ඇතිද.." මගේ හිතට දරාගන්න බැරි තරමට වේදනාවයි. අම්මා පොඩ්ඩක් එහාට මෙහාට වෙනතුරු ඉදල මම උට call එකක් ගත්තා. "මචන්, මම හෙට එනවා" කිව්වා විතරයි උ අඩන්න ගත්තා. මටත් ඇඩෙන්න ආව නිසා මම ටක් ගාල phone එක තිබ්බා.

 පහුවදා උදේම තියෙන bus එකෙන් මම යන්න ලේස්ති වෙද්දී අම්ම ඇහුවා "මොකෝ මේ" කියලා. මම කිව්වා " office එකේ යතුර බැරි වෙලා ගෙනල්ලා. ඒක නිසා යදිසියේම යන්න වෙනවා" කියලා. bus එකට නැගල bus එක යන්න පිටත් උනත් ඒක යන්නේ හිමින් කියල මට දැනුනා. මට එතරම්ම ඉකමනින් යන්න ඕන. කෑගල්ලෙන් අවිස්සාවේල්ල bus එකට නැගලා ගෙදර ගාව halt එකෙන් බැහැල මම අඩියට දෙකට ගෙදරට දිව්වා.

bell එක ගහපු ගමන් උ ඇවිල්ලා දොර ඇරියා. දොරේ එක පියනක් ඇරලා උ, මා දිහා බලා හිටියේ කවදාවත්ම දැකල නැති, දකින්න ආසාවෙන් හිටපු කෙනෙක් දැක්ක වගේ. උගේ ඇස් වල තිබුනේ දුකක්ද සතුටක්ද කියල මට ඇත්තටම කියන්න බැහැ. ටිකක් වෙලා මා දිහා බලා ඉදල උ මගේ bag දෙක අරගෙන ඇතුලින් තිබ්බා. ඊට පස්සේ මගේ අත් දෙකෙන් අල්ලාගෙන මාව ඇතුලට අරන් දොර වැහුවා. මගේ ඇස් දිහා උ, බලා හිටිය විදිය මතක් වෙද්දී මට තවමත් මගේ පපුව පිච්චිලා යනවා වගේ දැනෙනවා. උගේ ඇස් දෙක කදුලින් බර වෙලා ,නමුත් ඊට කලින් මගේ ඇස් වලින් ගලා ගිය කදුලින් අපි දෙන්නගෙම අත් තෙමුනා. අපි එකම වචනයක්වත් කතා නොකලත් දහසක් දේවල් ඇස් වලින් කියාගත්තා. ඇත්තටම අපි දෙන්නා සිහින ලෝකෙක.



 දෙන්නගෙම අත් තෙමුනා. අපි එකම වචනයක්වත් කතා නොකලත් දහසක් දේවල් ඇස් වලින් කියාගත්තා. ඇත්තටම අපි දෙන්නා සිහින ලෝකෙක වගේ ටික වෙලාවක් කදුලින් බර උන ඇස් වලින් අපි දිහා බලා හිටියා. "උබ මාව දාල ආයෙත් කවදාවත්ම යන්නේ නැහැ නේද මචන්" උ, මගෙන් ඇහුවා. " කවදාවත්ම නැහැ මචන්. කවදාවත්ම මම උබව දාල යන්නේ නැහැ" මම උව තදින් බදා ගෙන අඩ අඩ කිව්වා.....................................................


Wednesday, July 11, 2012

වරද කාගෙද​...

ඇත්තටම හුඟ දෙනෙක් තමන්ට අකැමැති දෙයක් සිදු වුනාම අපි නොදැනුවත්වම අපේ යටි හිත එහි වරද බාහිර දෙයක් මත පටවනවා.මනෝ විද්‍යාවේ ඒවා හඳුන්වන්නේ කියල Ego Defense Mechanisms කියලා.

හුඟක් සමරිසි අයටත් මේ දෙය සිදු වෙනවා.
ඇත්තම කිව්වොත් තමන් gay වෙනවාද straight වෙනවද කියලා තීරණය කරන්න අපිට අවස්ථාවක් දුන්නොත් හැමෝම වගේ straight වීම තෝර ගනියි.ඒ කියන්නේ තමන් සමරිසි පුද්ගලයෙක් වීම/බහුතර සමාජයෙන් වෙනස් වීම​ බොහෝ දෙනා කැමති දෙයක් නොවේ.


තමා සමරිසි පුද්ගලයෙක් කියලා තමන්ටම වැටහුනාම ඒක තමන්ට ලොකු පීඩනයක් ගෙන දෙනවා.
ඇත්තෙන්ම අපේ සිතට ලොකු පීඩනයක් ආපුවාම මේ defense mechanisms අපි තුළ නොදැනුවත්ම ක්‍රියාත්මක වෙනවා.උදාහරණයකට අපි විභාගයක් වුනා කියලා හිතමු.අපි නොදැනුවත්ම හුඟක් දෙනා එහි වරද තම ගුරුවරුන්ට,යාළුවන්ට ආදී කාට හෝ පවරනවා.
ඒ වගේම තමන් සමරිසි කියලා තේරුනාම අපේ යටි සිත විසින් එහි වරද කාට හෝ පවරන්න බලනවා.
හුඟක් අය වරද පටවන්නේ තමන් ගේ ප්‍රථම ලිංගික අත්දැකීමට​.
ඒත් පිරිමින් ගෙන් 50%කට පමණ සමලිංගික අත්දැකීම් ඇති බව කියැවෙනවා.ඒත් ඔවුන් සියළු දෙනා gay/සමරිසි වෙන්නේ නෑ.
හුඟක් දෙනා තම ප්‍රථම ලිංගික අත්දැකීමට යොමු වන්නේ ස්ව කැමැත්තෙන්.ඒ කියන්නේ ඒ වන විටත් ඔවුන් තුළ සමරිසි ආශාව ගොඩනැගී තිබෙනවා.
මට එක යාළුවෙක් මතක් වෙනවා.ඔහු නිතරම චෝදනා කරන්නේ අයියා කෙනෙක් තමා සමරිසි කළ බවයි.ඒ පොදු වැසිකිළියක ඔහු සමඟ ලිංගිකව හැසිරීමෙන්.නමුත් ඔහු ඒ පුද්ගලයා සමඟ ගොස් ඇත්තේ සිය කැමැත්තෙන්.දෙනෝ දහක් ගැවසෙන පොදු වැසිකිළියක හොර රහසේ ලිංගිකව හැසිරීමට ඔහු සිය පූර්ණ සහයෝගයත් ලබා දී තිබෙනවා.
නමුත් අද ඔහුගේ යටි සිත එය අර්ථ දක්වන්නේ ඔහු තමාව දූෂණය කළ නිසා තමා සමරිසි වූ බව​.
මෙය මනෝ විද්‍යාවේ දැක්වෙන rationalizationනම්  Coping mechanism එක​.
බොහෝ දෙනා සමාජයට​,මානසික උපදේශකයන්ට​,වෛද්‍යවරුන්ට පවසන්නේ තම යටි සිත විසින් මවා දෙන මෙවන් කතා.

(Read more on ego defense mechanisms
http://allpsych.com/psychology101/defenses.html
http://www.simplypsychology.org/defense-mechanisms.html
http://en.wikipedia.org/wiki/Defence_mechanism)

එනිසාම මුළු සමාජයේම මුල් බැස ගෙන ඇත්තේ සමරිසි බව යනු යම් සිද්ධියක් නිසා ඇති වූ මානසික රෝගයක්/විකුර්ති භාවයක් කියලයි.
ඒත් එය බොරුවක් බව අද විද්‍යාවෙන් සොයා ගෙන තිබෙනවා.
එය බොහෝ දුරට ජීව විද්‍යාත්මක සාධක මත තීරණය වන්නක්.ඉතා කුඩා කාලයේදීම තම ලිංගිකත්වය/sexual orientation තීරණය වන අතර ඊට අදාළ හැඟීම්ද කුඩා කල සිටම පහළ වෙනවා.
සමීක්‍ෂන වලින් සොයා ගෙන තිබෙනවා යමෙක් දූෂණය වූ නිසා sexual orientation වෙනස් නොවන බව​.දූෂණය සහ ළමා අපචාර නිසා වෙනත් මානසික සහ කායික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.එනිසා ඒවා දැඩි ලෙස හෙළා දැකිය යුතුයි.
නමුත් එනිසා සමරිසි බව ඇති වේ යැයි කියන මතය දැන්වත් වෙනස් විය යුතුයි.

මෙය කියවන සමහරුන් ගේ coping mechanisms මේ නිසා බිඳ වැටී යාම සමහර විට දරා ගැනීමට ඔවුන්ට අපහසු වෙන්න පුළුවන්.එය මනසේ ස්වභාවය​. නමුත් අපි වත් ඇත්ත වටහා නොගෙන බොරු මතවල එල්ලී සිටිය හොත් කිසිම දිනයක වෙනසක් ගැන සිතිය වත් නොහැකියි.ඉන්  කිසිවෙකුට ඇති වන යහපතක් නම් නෑ.

එයට ඉතා හොඳ උදාහරණයක් මව් බිම පුවත් පතේ පළවූ මෙම ලිපිය​.





එයට පිළිතුරු සපයන වෛද්‍ය වරයෙක් කියා ගන්නා මේ පුද්ගලයා දෙන පිලිතුරුද මනෝ වෛද්‍ය විද්‍යාවට පටහැනියි.
සමහර විට එය ඔහු ඉගෙන ගන්නා කාලයේ තිබූ මතය විය හැකියි.ඔහු මානසික විශේෂඥයකු ලෙස පෙනී සිටීමට උත්සාහ දැරූවද ඔහු එසේ නොවන බව හොඳින්ම පැහැදිළියි.ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර් ය කොල්වින් ගුණරත්න මහතා සමරිසි බව ගැන දැක්වූ මේ නිවැරදි  අදහස් වලින් ඒ බව පැහැදිළි වෙනවා. Link

 වැඩි විස්තර​

 1-කෙනෙක් සමරිසි වෙන්නෙ ඇයි ? Causes for Homosexuality

2- සමරිසි බව වෙනස් කරන්න පුළුවන් ද​? Can homosexuality be changed?

 3- පුතා මේ උවදුරෙන් බේරාගන්නේ කෙසේද?

The Science of Gay

Tuesday, July 10, 2012

ගැරත් තෝමස් (Gareth Thomas) සහ රගර්


ගැරත් තෝමස් කියන්නේ ලෝක ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු තම සමරිසි භාවය පිළිගත් ප්‍රථම අන්තර් ජාතික මට්ටමේ රගර් ක්‍රීඩකයාද වනවා.සාමාන්‍යයෙන් පවතින පවතින වැරදි මතය වන්නේ සමරිසියන් යනු ලඳ බොළඳ පුද්ගලයන් බවයි.එහෙත් ඔවුන් සමාජයේ සෑම තරාතිරමක්ම නියෝජනය කරන බව තෝමස් දෙස බැලූ විට පැහැදිළිවම පෙනෙනවා.

සාමන්‍යයෙන් රගර් ක්‍රීඩාව සැළකෙන්නේ රළු, නියම පිරිමින් පමණක් සිටින සමාජයක් ලෙසටයි.එනිසාම බටහිර රටක් වන එංගලන්තයේ සිටියද බොරු මුහුණක් සමාජයට පෙන්වීමට ඔහුට සිදු වුනා.
වයස 17දී පමණ ඔහු පිරිමින්ට ආකර්‍ෂ්ණය වන බව ඔහු තේරුම් ගත්තද,ඔහු එය කාටත් රහසක්ව තබා ගත්තා.
ඔහු පවසන පරිදි රග්බි සමාජයේ අනෙක් ක්‍රීඩකයන් මෙන් වීමට ඔහු කාන්තාවන් සමග බොරු සම්බන්ධතා ඇති කර ගත් අතර සමහර විට තමා හා කාන්තාවන් පිළිබඳ කතා ඇති වීමටද ඉඩ හැරියා.අවසානයේ ඔහු තමා සමග නව යොවුන් වයසේ සිට ඇසුරු කළ පෙම්වතිය සමග විවාහ වූවා.ඒ 2002 දී



.ඔහු තම බිරිඳ සමඟ ලිංගික සබඳතා පැවැත්වූවත් තම සමලිංගික ආශාවන් යටපත් කිරීමට ඔහුට හැකිවුනේ නෑ.
අවසානයේ තම බිරි ඳ රැවටීම ගැන ඔහුටම ලොකු කළකිරීමක් ඇති වෙනවා.එනිසා තම ඇත්ත තත්වය 2006දී ඔහු තම බිරි ඳට හෙළි කරනවා.ඔහුම පවසන ඇය සුහදව පිළිගත්තත් ඔවුන් සුහදව දික්කසාද වෙනවා.
අවසානයේ ඔහු තීරණය කරනවා තම සමරිසි භාවය තම මිතුරන්ට හෙළි කිරීමට​.ඔහු පවසන පරිදි ඔවුන් ගෙන් ඔහුට හොඳ සහයෝගයක් ලැබෙනවා.ඔහුගේ සමාජයට විවෘත වීම​,සිය බොරු ආවරණය ඉවත් කර ගැනීම ඔහුම පවසන පරිදි ඔහුට ගෙන එන්නේ විශාල සහනයක්.ඒ 2009 දී.



නවක සමරිසි ක්‍රීඩකයන්ට ඔහු හොඳ උදාහරණයක් සපයනවා.ඒ තමා තමන් වීම පිළිබඳව​.
ඔහුගේම වචන වලින් ඒ මෙහෙමයි.

“I'm not going on a crusade, but I'm proud of who I am. I feel I have achieved everything I could ever possibly have hoped to achieve out of rugby, and I did it being gay. I want to send a positive message to other gay athletes that they can do it, too.”
ඔහු අවසානයේ මෙසේත් පවසනවා.එනම් යම් පුද්ගලයෙක් මැනිය යුත්තේ ඔහුගේ හැකියාවන් මත මිස ඔහුගේ ලිංගිකත්වය මත නොවන බව​.

“I don't want to be known as a gay rugby player. I am a rugby player first and foremost. I am a man who just happens to be gay. It's irrelevant. What I choose to do when I close the door at home has nothing to do with what I have achieved in rugby.”



තව කියවන්න​

http://en.wikipedia.org/wiki/Gareth_Thomas_(rugby)
http://gayinfluence.blogspot.com/2012/06/gareth-thomas.html

ඇත්තටම සමරිසි ක්‍රීඩකයන් බොහෝ  දෙනෙක් සිටිනවා.ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කළ කිහිප දෙනෙක් මේ.

http://gayinfluence.blogspot.com/search/label/Athlete
Related Posts Plugin for WordPress, Blogger...