Monday, August 27, 2012

එනිසා ...

මිය නොයමි මම​
ජීවිතය තව දුර නිසා...

සතුට නොසොයමි
එය මට තහනම් නිසා...

නොහඬමි
හඬන්නට කඳුලැල් නැති නිසා...

විඳවන්නෙමි තවම​
විඳින්නට කිසිවක් නැති නිසා...

ඝනදුරට පෙම් බඳිමි
ආලෝකය නොඑන නිසා...

හිත හදා ගමි මම​
ලොව සියල්ල අනියත නිසා...

යළි ආදරය නොසොයමි
මට කිසිවෙක් ආදරය නොකළ නිසා...

(කතෘ අවිනිශ්චිතයි)

ඔබටත් කෙදිනක හෝ මෙසේ සිතුනිද​?



Wednesday, July 25, 2012

එක දවසක් ... By Kanishka Herath




campus ජීවිතය හමාර කල අපි දෙන්නටම රැකියාව ලැබුනේ අවිස්සාවේල්ලට කිට්ටුව තිබෙන නගර දෙකක. ජීවිතයේ තවත් ටික කාලයක් හෝ එකට ඉන්න ලැබෙන එක ගැන අපි දෙන්නටම දැනුනේ පුදුමාකාර සතුටක්. අපි දෙන්නටම යන්න පහසු විදියට කිට්ටුවෙන් අපි ගෙයක් හොයාගත්තා. අවිස්සාවේල්ල - කෑගල්ල පාර අද්දර තිබුන ඒ ගෙදර පුංචි පරණ තාලේ ගෙයක් උනත් ඇත්තටම හරිම සිරියාවයි. පිටිපස්සෙන් වෙල් යාය. වටපිටාවත් හරිම සුන්දරයි. ගෙදර අපි දෙන්නට කෑම හදල දෙන්න නැන්ද කෙනෙක් අවා. උදේ ඇවිල්ල එයා අපිට කෑම හදල දීල හවසට යනවා. මුළු ගෙදරම අපි දෙන්නට අපේ රාජ්ජයක් වගේ තමා. පුදුම ආසාවකින් සහ පුදුම සුන්දරත්වයකින් අපි කාලය ගෙව්වා.

කොහොම නමුත් අපි දෙන්නගේ ආදරයට මම කරපු කැපකිරීම විශාල බව මම දන්නවා. මම උට දුන්න ආදරයට වඩා බොහොම අඩු ආදරයක් තමා මට උගෙන් ලැබුනේ. මගේ හිත ඇත්තටම ගොඩක් ඒ ගැන දුක් උනා. සමහරදාට මට තනියමත් අඩුන ඒක මතක් වෙද්දී.මම ගොඩක් friendly කෙනෙක්. නමුත් උ එහෙම නැහැ. ගමේ මිනිස්සු උනත් මට ගොඩක් කැමතියි. උට කැමැත්තක් තිබුන නම් එහෙම කැමති උනේ උ මගේ යාළුවා නිසා. ඇත්තටම මම ආදරය කරපු තරමටම මටත් උ ආදරය කලානම් කියන ආසාව නිතරම මගේ හිතේ තිබුණා. ඔය අවුරුදු හයක කාලයේ අපි දෙන්න අතර අනන්තවත් පොඩි පොඩි ප්‍රශ්න ඇති උනත් ඉක්මනින්ම ඒවා අමතක කරලා අපි දෙන්නා නැවතත් පුරුදු ආදරයෙන් එකතු උනා.


 නමුත් දවසක් අපි දෙන්න අතර ඇති උන ප්‍රශ්නය ගොඩක් දුර දිග ගියා. මට ඇත්තටම උව එපාම උනා. මගේ හිතේ උ ගැන ලොකුම ලොකු ලොකු අප්පිරියාවක් හට ගත්තා. ඇති උන ප්‍රශ්නය මගේ හිත එතරම්ම කලකිරීමකට පත්කලා. මම ගෙදර යන්න තීරණය කලා. අපි දෙන්න ඒ දවස් වල අපේ post graduate exam එකට පාඩම් කර කර තමා හිටියේ. මම bag දෙකකට පොත් සහ ඇදුම් දාගත්තා. උ දැනගත්තා මම යන්න සුදානම් වෙන බව. උ පැත්තක ඉදන් සැරෙන් ඇහුවා " උබ ගෙදර යන්නද යන්නේ" කියලා. මම කිසි දෙයන් ඇහෙන්නේ නැහැ වගේ මගේ ඇදුම් සහ පොත් සුදානම් කලා. තවත් වෙලාවකින් උ දැනගත්තා මම ගොඩක් ලොකු තීරණයකට ඇවිල්ල වග. උ ලගට ඇවිල්ල" උබ ගෙදර යන්නද හදන්නේ මචන්" කියල ඇහුවා. මම කිසිම ගණනකට නොගෙන මගේ ඇදුම් සුදානම් කරලා මමත් ඇදුම් ඇද ගත්තා. දැන් උ ටිකක් බය වෙලා වගේ මගේ අගට ඇත තියලා "අනේ යන්න එපා මචන්" කිව්වා.


මම ඇත්තටම හිටියේ තරහින්. ඒක නිසා මට ඒවා මොකුත් ඇහුනේ නැහැ වගේ. පස්සේ උ ලගටම ඇවිල්ල මව අල්ලාගෙන "අනේ මචන් උබ යන්න එපා. මට උබ නැතුව ඉන්න බැහැ" කිව්වා. මම කිසිත් නොකියම bag දෙක අරගෙන දොර ඇරගෙන පාරට ආවා. උත් පස්සෙන්ම ආව. ඉස්සරහ තිබුන bus halt එකට මම ගියා. දැන් උ පස්සෙන් එනවා "අනේ මචන් යන්න එපා" කිය කියා. කෑගල්ල bus එකක් ආව. මම බුස් එකට නැගල උ දිහා බැලුවා. උ ඉතාම අහිංසක විදියට ම දිහා බලාගෙන බෙල්ල නවල මට bus එකෙන් බහින්න කියල ඉගි කලා. bus එක ඇද්දුව. උ bus එක ඇතට යනතුරුම බලා ඉන්නවා මම දැක්කා. මගේ හිතේ තිබුන තරහ නිසා ඇත්තටම මට උගේ මොනවත්ම හොදක් ඒ වෙලාවේ මතකයට අවේ නැහැ. bus එක කෑගල්ලට ගියා. නමුත් එතකොට මගේ හිතේ උ ගැන තිබුන තරහ ගොඩක් අඩුවෙලා. මම ගෙදර යන්න අනිත් bus එකට නැග්ගා. පැය හතරක විතර ගමනකින් පස්සේ මම ගෙදරට ලගාවෙද්දී ගොඩක්ම හවස් වෙලා. අම්ම ඇහුවා " මේ මොකෝ හදිසියේම" කියලා. මම මොකුත් නොකියම කාමරයට ගියත් මට දරාගන්න බැරි තරමේ පාළුවක් දැනෙන්න ගත්තා.

  පොත් bag එකත් ඇදුම් bag එකත් දැක්ක අම්ම දැනගත්තා මම ආවේ ටික දවසක් ඉන්න බව. නමුත් මගේ පපුව පිච්චිලා යනවා වගේ දැනෙනවා දැන් දැන්. තොල කට වේලෙන්න ගත්තා. මට හැම තැනම උව පේන්න ගත්තා. උගේ කටහඩත් උගේ හිනාවත් පේන්න ගත්තා. මට මොනවා වෙනවද මටම හිතා ගන්න බැහැ. ආපහු දුවගෙන යන්නමට මොනවා වෙනවද මටම හිතා ගන්න බැහැ. ආපහු දුවගෙන යන්න හිතෙනවා උව හොයාගෙන. කොච්චර පුංචි වේලාවක්ද තරහා තිබුනේ. උ ගැන හිතේ තරහක් ඇති උන එකට දැන් මම මටම දොස් කියගන්නවා. මගේ හිත මටම වද දෙන්න ගත්තා. මට දැන් මතක් වෙන්නෙම උගේ හොද විතරයි. අපි දෙන්න ගෙවන ජීවිතේ ලස්සන පමණයි මට දැන් දැනෙන්නේ. අනේ මම උත් එක්ක තරහ උනේ ඇයි....., මට මගේ හිත පාලනය කරගන්න බැරි උනා.

මගේ මූනේ සතුටක් නැති බව දැනගත්තු අම්මා ඇහුවා "මොකෝ, ප්‍රශ්නයක්ද?" කියලා. මම නැහැ කිව්වා. අම්මා රසට උයල දුන්නත් ඇත්තටම මට කන්න හිතක් නැහැ. මේ රැ ආපහු යන්නත් බැහැ. අම්මා බලාවි මට මොනා වෙලාද කියලා එහෙම යන්න හැදුවොත්. මම ගෙදරට එන ටිකට උ ගෙදරට් calls 3 ක් දීල තිබුණා. "අනේ උට මොනතරම් පාළුවක් දැනෙනවා ඇතිද.." මගේ හිතට දරාගන්න බැරි තරමට වේදනාවයි. අම්මා පොඩ්ඩක් එහාට මෙහාට වෙනතුරු ඉදල මම උට call එකක් ගත්තා. "මචන්, මම හෙට එනවා" කිව්වා විතරයි උ අඩන්න ගත්තා. මටත් ඇඩෙන්න ආව නිසා මම ටක් ගාල phone එක තිබ්බා.

 පහුවදා උදේම තියෙන bus එකෙන් මම යන්න ලේස්ති වෙද්දී අම්ම ඇහුවා "මොකෝ මේ" කියලා. මම කිව්වා " office එකේ යතුර බැරි වෙලා ගෙනල්ලා. ඒක නිසා යදිසියේම යන්න වෙනවා" කියලා. bus එකට නැගල bus එක යන්න පිටත් උනත් ඒක යන්නේ හිමින් කියල මට දැනුනා. මට එතරම්ම ඉකමනින් යන්න ඕන. කෑගල්ලෙන් අවිස්සාවේල්ල bus එකට නැගලා ගෙදර ගාව halt එකෙන් බැහැල මම අඩියට දෙකට ගෙදරට දිව්වා.

bell එක ගහපු ගමන් උ ඇවිල්ලා දොර ඇරියා. දොරේ එක පියනක් ඇරලා උ, මා දිහා බලා හිටියේ කවදාවත්ම දැකල නැති, දකින්න ආසාවෙන් හිටපු කෙනෙක් දැක්ක වගේ. උගේ ඇස් වල තිබුනේ දුකක්ද සතුටක්ද කියල මට ඇත්තටම කියන්න බැහැ. ටිකක් වෙලා මා දිහා බලා ඉදල උ මගේ bag දෙක අරගෙන ඇතුලින් තිබ්බා. ඊට පස්සේ මගේ අත් දෙකෙන් අල්ලාගෙන මාව ඇතුලට අරන් දොර වැහුවා. මගේ ඇස් දිහා උ, බලා හිටිය විදිය මතක් වෙද්දී මට තවමත් මගේ පපුව පිච්චිලා යනවා වගේ දැනෙනවා. උගේ ඇස් දෙක කදුලින් බර වෙලා ,නමුත් ඊට කලින් මගේ ඇස් වලින් ගලා ගිය කදුලින් අපි දෙන්නගෙම අත් තෙමුනා. අපි එකම වචනයක්වත් කතා නොකලත් දහසක් දේවල් ඇස් වලින් කියාගත්තා. ඇත්තටම අපි දෙන්නා සිහින ලෝකෙක.



 දෙන්නගෙම අත් තෙමුනා. අපි එකම වචනයක්වත් කතා නොකලත් දහසක් දේවල් ඇස් වලින් කියාගත්තා. ඇත්තටම අපි දෙන්නා සිහින ලෝකෙක වගේ ටික වෙලාවක් කදුලින් බර උන ඇස් වලින් අපි දිහා බලා හිටියා. "උබ මාව දාල ආයෙත් කවදාවත්ම යන්නේ නැහැ නේද මචන්" උ, මගෙන් ඇහුවා. " කවදාවත්ම නැහැ මචන්. කවදාවත්ම මම උබව දාල යන්නේ නැහැ" මම උව තදින් බදා ගෙන අඩ අඩ කිව්වා.....................................................


Wednesday, July 11, 2012

වරද කාගෙද​...

ඇත්තටම හුඟ දෙනෙක් තමන්ට අකැමැති දෙයක් සිදු වුනාම අපි නොදැනුවත්වම අපේ යටි හිත එහි වරද බාහිර දෙයක් මත පටවනවා.මනෝ විද්‍යාවේ ඒවා හඳුන්වන්නේ කියල Ego Defense Mechanisms කියලා.

හුඟක් සමරිසි අයටත් මේ දෙය සිදු වෙනවා.
ඇත්තම කිව්වොත් තමන් gay වෙනවාද straight වෙනවද කියලා තීරණය කරන්න අපිට අවස්ථාවක් දුන්නොත් හැමෝම වගේ straight වීම තෝර ගනියි.ඒ කියන්නේ තමන් සමරිසි පුද්ගලයෙක් වීම/බහුතර සමාජයෙන් වෙනස් වීම​ බොහෝ දෙනා කැමති දෙයක් නොවේ.


තමා සමරිසි පුද්ගලයෙක් කියලා තමන්ටම වැටහුනාම ඒක තමන්ට ලොකු පීඩනයක් ගෙන දෙනවා.
ඇත්තෙන්ම අපේ සිතට ලොකු පීඩනයක් ආපුවාම මේ defense mechanisms අපි තුළ නොදැනුවත්ම ක්‍රියාත්මක වෙනවා.උදාහරණයකට අපි විභාගයක් වුනා කියලා හිතමු.අපි නොදැනුවත්ම හුඟක් දෙනා එහි වරද තම ගුරුවරුන්ට,යාළුවන්ට ආදී කාට හෝ පවරනවා.
ඒ වගේම තමන් සමරිසි කියලා තේරුනාම අපේ යටි සිත විසින් එහි වරද කාට හෝ පවරන්න බලනවා.
හුඟක් අය වරද පටවන්නේ තමන් ගේ ප්‍රථම ලිංගික අත්දැකීමට​.
ඒත් පිරිමින් ගෙන් 50%කට පමණ සමලිංගික අත්දැකීම් ඇති බව කියැවෙනවා.ඒත් ඔවුන් සියළු දෙනා gay/සමරිසි වෙන්නේ නෑ.
හුඟක් දෙනා තම ප්‍රථම ලිංගික අත්දැකීමට යොමු වන්නේ ස්ව කැමැත්තෙන්.ඒ කියන්නේ ඒ වන විටත් ඔවුන් තුළ සමරිසි ආශාව ගොඩනැගී තිබෙනවා.
මට එක යාළුවෙක් මතක් වෙනවා.ඔහු නිතරම චෝදනා කරන්නේ අයියා කෙනෙක් තමා සමරිසි කළ බවයි.ඒ පොදු වැසිකිළියක ඔහු සමඟ ලිංගිකව හැසිරීමෙන්.නමුත් ඔහු ඒ පුද්ගලයා සමඟ ගොස් ඇත්තේ සිය කැමැත්තෙන්.දෙනෝ දහක් ගැවසෙන පොදු වැසිකිළියක හොර රහසේ ලිංගිකව හැසිරීමට ඔහු සිය පූර්ණ සහයෝගයත් ලබා දී තිබෙනවා.
නමුත් අද ඔහුගේ යටි සිත එය අර්ථ දක්වන්නේ ඔහු තමාව දූෂණය කළ නිසා තමා සමරිසි වූ බව​.
මෙය මනෝ විද්‍යාවේ දැක්වෙන rationalizationනම්  Coping mechanism එක​.
බොහෝ දෙනා සමාජයට​,මානසික උපදේශකයන්ට​,වෛද්‍යවරුන්ට පවසන්නේ තම යටි සිත විසින් මවා දෙන මෙවන් කතා.

(Read more on ego defense mechanisms
http://allpsych.com/psychology101/defenses.html
http://www.simplypsychology.org/defense-mechanisms.html
http://en.wikipedia.org/wiki/Defence_mechanism)

එනිසාම මුළු සමාජයේම මුල් බැස ගෙන ඇත්තේ සමරිසි බව යනු යම් සිද්ධියක් නිසා ඇති වූ මානසික රෝගයක්/විකුර්ති භාවයක් කියලයි.
ඒත් එය බොරුවක් බව අද විද්‍යාවෙන් සොයා ගෙන තිබෙනවා.
එය බොහෝ දුරට ජීව විද්‍යාත්මක සාධක මත තීරණය වන්නක්.ඉතා කුඩා කාලයේදීම තම ලිංගිකත්වය/sexual orientation තීරණය වන අතර ඊට අදාළ හැඟීම්ද කුඩා කල සිටම පහළ වෙනවා.
සමීක්‍ෂන වලින් සොයා ගෙන තිබෙනවා යමෙක් දූෂණය වූ නිසා sexual orientation වෙනස් නොවන බව​.දූෂණය සහ ළමා අපචාර නිසා වෙනත් මානසික සහ කායික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.එනිසා ඒවා දැඩි ලෙස හෙළා දැකිය යුතුයි.
නමුත් එනිසා සමරිසි බව ඇති වේ යැයි කියන මතය දැන්වත් වෙනස් විය යුතුයි.

මෙය කියවන සමහරුන් ගේ coping mechanisms මේ නිසා බිඳ වැටී යාම සමහර විට දරා ගැනීමට ඔවුන්ට අපහසු වෙන්න පුළුවන්.එය මනසේ ස්වභාවය​. නමුත් අපි වත් ඇත්ත වටහා නොගෙන බොරු මතවල එල්ලී සිටිය හොත් කිසිම දිනයක වෙනසක් ගැන සිතිය වත් නොහැකියි.ඉන්  කිසිවෙකුට ඇති වන යහපතක් නම් නෑ.

එයට ඉතා හොඳ උදාහරණයක් මව් බිම පුවත් පතේ පළවූ මෙම ලිපිය​.





එයට පිළිතුරු සපයන වෛද්‍ය වරයෙක් කියා ගන්නා මේ පුද්ගලයා දෙන පිලිතුරුද මනෝ වෛද්‍ය විද්‍යාවට පටහැනියි.
සමහර විට එය ඔහු ඉගෙන ගන්නා කාලයේ තිබූ මතය විය හැකියි.ඔහු මානසික විශේෂඥයකු ලෙස පෙනී සිටීමට උත්සාහ දැරූවද ඔහු එසේ නොවන බව හොඳින්ම පැහැදිළියි.ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර් ය කොල්වින් ගුණරත්න මහතා සමරිසි බව ගැන දැක්වූ මේ නිවැරදි  අදහස් වලින් ඒ බව පැහැදිළි වෙනවා. Link

 වැඩි විස්තර​

 1-කෙනෙක් සමරිසි වෙන්නෙ ඇයි ? Causes for Homosexuality

2- සමරිසි බව වෙනස් කරන්න පුළුවන් ද​? Can homosexuality be changed?

 3- පුතා මේ උවදුරෙන් බේරාගන්නේ කෙසේද?

The Science of Gay

Tuesday, July 10, 2012

ගැරත් තෝමස් (Gareth Thomas) සහ රගර්


ගැරත් තෝමස් කියන්නේ ලෝක ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු තම සමරිසි භාවය පිළිගත් ප්‍රථම අන්තර් ජාතික මට්ටමේ රගර් ක්‍රීඩකයාද වනවා.සාමාන්‍යයෙන් පවතින පවතින වැරදි මතය වන්නේ සමරිසියන් යනු ලඳ බොළඳ පුද්ගලයන් බවයි.එහෙත් ඔවුන් සමාජයේ සෑම තරාතිරමක්ම නියෝජනය කරන බව තෝමස් දෙස බැලූ විට පැහැදිළිවම පෙනෙනවා.

සාමන්‍යයෙන් රගර් ක්‍රීඩාව සැළකෙන්නේ රළු, නියම පිරිමින් පමණක් සිටින සමාජයක් ලෙසටයි.එනිසාම බටහිර රටක් වන එංගලන්තයේ සිටියද බොරු මුහුණක් සමාජයට පෙන්වීමට ඔහුට සිදු වුනා.
වයස 17දී පමණ ඔහු පිරිමින්ට ආකර්‍ෂ්ණය වන බව ඔහු තේරුම් ගත්තද,ඔහු එය කාටත් රහසක්ව තබා ගත්තා.
ඔහු පවසන පරිදි රග්බි සමාජයේ අනෙක් ක්‍රීඩකයන් මෙන් වීමට ඔහු කාන්තාවන් සමග බොරු සම්බන්ධතා ඇති කර ගත් අතර සමහර විට තමා හා කාන්තාවන් පිළිබඳ කතා ඇති වීමටද ඉඩ හැරියා.අවසානයේ ඔහු තමා සමග නව යොවුන් වයසේ සිට ඇසුරු කළ පෙම්වතිය සමග විවාහ වූවා.ඒ 2002 දී



.ඔහු තම බිරිඳ සමඟ ලිංගික සබඳතා පැවැත්වූවත් තම සමලිංගික ආශාවන් යටපත් කිරීමට ඔහුට හැකිවුනේ නෑ.
අවසානයේ තම බිරි ඳ රැවටීම ගැන ඔහුටම ලොකු කළකිරීමක් ඇති වෙනවා.එනිසා තම ඇත්ත තත්වය 2006දී ඔහු තම බිරි ඳට හෙළි කරනවා.ඔහුම පවසන ඇය සුහදව පිළිගත්තත් ඔවුන් සුහදව දික්කසාද වෙනවා.
අවසානයේ ඔහු තීරණය කරනවා තම සමරිසි භාවය තම මිතුරන්ට හෙළි කිරීමට​.ඔහු පවසන පරිදි ඔවුන් ගෙන් ඔහුට හොඳ සහයෝගයක් ලැබෙනවා.ඔහුගේ සමාජයට විවෘත වීම​,සිය බොරු ආවරණය ඉවත් කර ගැනීම ඔහුම පවසන පරිදි ඔහුට ගෙන එන්නේ විශාල සහනයක්.ඒ 2009 දී.



නවක සමරිසි ක්‍රීඩකයන්ට ඔහු හොඳ උදාහරණයක් සපයනවා.ඒ තමා තමන් වීම පිළිබඳව​.
ඔහුගේම වචන වලින් ඒ මෙහෙමයි.

“I'm not going on a crusade, but I'm proud of who I am. I feel I have achieved everything I could ever possibly have hoped to achieve out of rugby, and I did it being gay. I want to send a positive message to other gay athletes that they can do it, too.”
ඔහු අවසානයේ මෙසේත් පවසනවා.එනම් යම් පුද්ගලයෙක් මැනිය යුත්තේ ඔහුගේ හැකියාවන් මත මිස ඔහුගේ ලිංගිකත්වය මත නොවන බව​.

“I don't want to be known as a gay rugby player. I am a rugby player first and foremost. I am a man who just happens to be gay. It's irrelevant. What I choose to do when I close the door at home has nothing to do with what I have achieved in rugby.”



තව කියවන්න​

http://en.wikipedia.org/wiki/Gareth_Thomas_(rugby)
http://gayinfluence.blogspot.com/2012/06/gareth-thomas.html

ඇත්තටම සමරිසි ක්‍රීඩකයන් බොහෝ  දෙනෙක් සිටිනවා.ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කළ කිහිප දෙනෙක් මේ.

http://gayinfluence.blogspot.com/search/label/Athlete

Monday, June 25, 2012

වැරන් බඳුන​(warren cup)

සමහර දෙනා සිතනුයේ සමරිසි භාවය අලුතින් ඇතිවූ සංකල්පයක් බවයි.එහෙත් එය සම්පූර්ණයෙන්ම වැරදි මතයකි.
එයට හොඳම උදාහරණයකි මේ වැරන් රිදී බඳුන​.
එය ක්‍රිස්තු වර්‍ෂ 1 වන සියවසේ නිර්මාණය වූ ඉතා උසස් රෝම කලා කෘතියකි.නමුත් එයින් නිරූපණය වන දෙය නිසා මෑතක් වන තුරුම කෞතුකාගාර වලින් ප්‍රතික්‍ෂේප වූවකි.
එහි ප්‍රධානවම අනර්ඝ කැටයම් දෙකක් ඇත​.ඒ දෙකින්ම දැක්වෙන්නේ තරුණයන් දෙදෙනෙකු සමලිංගිකව හැසිරෙන ආකාරයයි.



මේ රිදී බඳුන රාත්‍රී සමාජ සාද සඳහා භාවිතා වූ වක් බව ඉතිහාසඥයන් ගේ අදහසයි. මෙයින් ආදි රෝම සමාජයේ ලිංගිකත්වය පිළිබඳ කෙතරම් නිදහස් අදහස් පැවතුනිද යන්න මනාව තහවුරු වේ.මෙවැනි සමලිංගික ක්‍රියා දැක්වෙන ග්‍රීක හා රෝම කලා කෘති රාශියක් හමු වී ඇත​.
ආදි රෝම සමාජය ලිංගිකත්වය විෂම හෝ සමලිංගික ලෙස නොබෙදූ අතර ඔවුන්ට සමලිංගිකත්වය සඳහා වෙනම වචනයක්ද නොවීය​.වහලාගේ සිට අධිරාජයා දක්වා ලිංගික නිදහස පැවතුනි.
එයින් ප්‍රසිද්ධම ආදර කතාව Hadrian නම් අධිරාජයා හා නම් Antinous ග්‍රීක තරුණයා අතර සමරිසි සම්බන්ධයයි.



මෙම බඳුනේ එක පසෙක වැවුණු රැවුලක් සහිත පුරුෂයෙකු හා ඔහුට වයසින් බාල තරුණයෙකු ලිංගිකව එක්වන අයුරු නිරූපිතය.තවත් තරුණයෙක් ඔවුන් ගේ ලිංගික හැසිරීම දෙස බලා සිටිනු පසෙකින් දැක්වෙයි.
 පුරුෂයින් දෙදෙනාම ජව සම්පන්න ක්‍රීඩා ශීලී සිරුරු ඇත්තෝ වෙති.අවට පරිසරය වංශවත් පසුබිමක් පෙන්වයි.

අනෙක් පස රූපයෙන් දැක්වෙන්නේ නව යොවුන් තරුණයන් දෙදෙනෙකු සමලිංගිකව හැසිරෙන ආකාරයයි.
සමහර ඉතිහාසඥයන් ගේ මතය වන්නේ මෙයින් තරුණ සේවකයකු හා ඔහුගේ තරුණ ස්වාමියා අතර සමලිංගික සම්බන් ධයක් නිරූපනය වන බවයි.


මෙම අගනා කලා කෘතිය පොළවෙහි වැලලී තිබී හමුවූ අතර​1911දී Edward Perry Warren විසින් ජෙරුසෙලමේදී පවුම් 2000 කට මිලදී ගන්නා ලදී.
1950 ගණන් වලදී මෙම බඳුන විකිණීමට ඉදිරිපත් වුවද මෙහි ඇති දර්ශන නිසා සෑම කෞතුකාගාරයක්ම මෙය ප්‍රතික්‍ෂේප කළ අතර ඇමෙරිකාව මෙය එරටට ගෙන ඒමද තහනම් කළේය​.
එහෙත් 1999දී මෙම රිදී බඳුන නැවත වෙන්දේසි වූ විට ලොව පුරා සෑම ආයතනයක්ම මෙම බඳුන අයත් කර ගැනීමට තරඟ කළහ​.
අවසානයේ බ්‍රිතාන්‍යය කෞතුකාගාරය මෙම බඳුන පවුම් මිලියන 1.8 කට මිලදී ගත්තේය​.එය 1950දී ඉදිරිපත් වූ ගනන මෙන් කිහිප ගුණයකි.
දැන් මෙම බඳුන එම කෞතුකාගාරයේ විශේෂ මැදිරියක මහජන ප්‍රදර්ශනයට තබා ඇත​.

Further reading

http://www.bbc.co.uk/ahistoryoftheworld/objects/D6XhBBXCTPy-tLxOUvy-FQ

http://en.wikipedia.org/wiki/Warren_Cup

Saturday, June 23, 2012

අද Google බැලුවද​?...Alan Turing's 100th Birth Day.

අද (2012/06/23) Google search Engine එකට ගියානම් වෙනසක් දකින්න ඇති.ඒ Alan Turing ගේ සියවැනි උපන් දිනය වෙනුවෙන්.නමුත් කවුද මේ Alan Turing?
ඇලන්/Alan Turing  තමයි පරිගණක විද්‍යාවේ හා කෘතිම බුද්ධියේ පියා ලෙස සැළකෙන්නේ.ඔහු ශ්‍රේෂ්ඨ ගණිතඤයෙක්,විද්‍යාඥයෙක් වගේම දෙවෙනි ලෝක යුද්ධයේදී මිනිස් ජීවිත මිලියන ගණනක් බේරා ගැනීමට දායක වූවෙක්.ඔහු ප්‍රථම stored-program computer එක නිපදවූ අතර ඔහු පරිගණක විද්‍යාවේ ප්‍රගමණයට සිදු කළ මෙහෙය අති මහත්.



අද (2012/06/23) ඇලන් ජීවත්ව හිටියානම් අද 100 වෙනි උපන් දිනය සමරනවා. නමුත් ඔහු 42 වෙනි වියේදී(1954) සයනයිඩ්/cyanide බී සිය දිවි නසා ගන්නවා.
ඒකට හේතුව තමයි ඔහු සමරිසියෙකු වීම නිසා එවකට ඉංග්‍රීසි අපරාධ නීතිය අනුව ඔහුට දඬුවම් පැමිණවීම.ඔහුට සිර ගත වීමෙන් වැළකීමට නම් බලෙන් ස්ත්‍රී හෝමෝන oestrogen එන්නත් කරවීමේ දඬුවමට ලක් වීමට සිදුවුනා.

ඇලන් උපන්නේ 1912 ජූනි 23,ලන්ඩනයේදී.ඔහුගේ පියා එකල යටත් විජිතයක්වූ ඉන්දියාවේ සිවිල් සේවකයෙක්.ඔහු Cambridge විශ්ව විද්‍යයාලයේ ගණිතය ඉගෙන ගත් අතර පසුව එම විශ්ව විද්‍යයාලයේ ගණිතය ඉගැන්වූවා.මෙහිදී ඔහු Turing machine නම් සංකල්පය නිර්මාණය කරණු ලැබුවා.එය වර්තමාන පරිගණක විද්ද්‍යාවේ පදනම ලෙස සළකනු ලබනවා.

දෙවෙනි ලෝක යුධ සමයේදී ඔහු ජර්මන් නාසි රහස් කේත හඳුනා ගැනීම සඳහා විශේෂ සේවයක් සිදු කළා.යුධ පණිවිඩ යැවීම සඳහා ජර්මානුවන් භාවිතා කළේ නම් යන්ත්‍රයෙන් නිපදවූ රහස් කේත​.මේ කේත හඳුනා ගැනීම සඳහා ඇලන් හට නම් යන්ත්‍රයක් නිපදවීමට හැකි වූවා.මෙමගින් ජර්මානු යුධ රහස් දැන ගැනීමට මිත්‍ර රටවලට හැකි වූවා.මෙමගින් දළ වශයෙන් ජීවිත මිලියන 20 කට වඩා බේරුණු බවට සඳහන් වෙනවා.එමෙන්ම යුද්ධයේ දිශාව වෙනස් කිරීමටද මෙම සොයා ගැනීම හේතු වුනා.

යුද්ධය ජය ගැනීමන් පසු 1949 දී ඇලන් Manchester universityයට සම්බන්ධ වෙනවා.එහිදී ඔහු පළමු වන stored-program computer, the ACE නිපදවනවා.එමෙන්ම ඔහු එහිදී කෘතිම බුද්ධිය/Artificial Intelligence  සඳහා වන මූලික අඩි තාලම සොයා ගන්නවා.එහිදී ඔහු ගණිතමය ජීව විද්‍යයාවේත්/mathematical Biology සොයා ගැනීම් රාශියක් සිදු කරනවා.





1952දී ඔහුගේ සහකරු සමඟ පැවති සමලිංගික සම්බන්ධය​ නිසා අපරාධ නීතිය යටතේ ඔහු අතඅඩංගුවට ගන්නවා.එවකට අපරාධ නීතිය යටතේ ඔහු වැරදි කරුවන අතර සිරගත වීමට හෝ කාන්තා හෝමෝන එන්නත් කිරීමේ දඬුවමට ලක් වීමට ඔහුට සිදු වෙනවා.ඔහු තෝරා ගන්නේ දෙවෙනි දඩුවම​,ඒ ඔහුට තවත් ලෝකයට සේවයක් කළ හැකි නිසා.නමුත් ඔහුව සියළු රජයේ කටයුතු වලින්ද ඉවත් කෙරෙනවා.
ඉන් වසර දෙකකට පසු ඔහු සයනයිඩ් පානය කර සිය දිවි නසා ගන්නවා.ඒ ඔහුගේ 42 වෙනි උපන් දිනයට සති දෙකකට කලින්.
ඔහු තවත් ජීවත් වූවානම් ලෝකයාට කෙතරම් සේවාවක් කරාවිද​?


නමුත් අද වන විට එංගලන්තයේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්.ජනතා ඉල්ලීම නිසා 2009දී බ්‍රිතාන්‍යය අගමැති Gordon Brown බ්‍රිතාන්‍යය රජය වෙනුවෙන් ඇලන්ට සිදුවූ වරදට  සමාව ඉල්ලනවා.

Alan Turing අපිට වැදගත් පාඩම් කිහිපයක්ම කියා දෙනවා.
සමරිසියන් යනු මෝඩයන් හෝ රෝගීන් නොව ලොවට මහඟු සේවයක් කළ හැකි දක්‍ෂයින් බව ඉන් ප්‍රධානම පණිවිඩය​​.
ඇලන් ඔබ අපට ආඩම්බරයක්.ඔබට සුභ උපන් දිනයක්!!!

Wikipedia Link

http://en.wikipedia.org/wiki/Alan_Turing

http://www.indianexpress.com/news/alan-turings-100th-birthday-celebrated-with-google-doodle/965826/0


Thursday, June 21, 2012

තවත් එක් නොකී කතාවක්...

මේ අපේ කනිෂ්ක හේරත් සොයුරාගේ ලොවට​ නොකී,හැඟුම් බර ඇත්ත කතාව.තවත් මේ වගේ කතා කීයක් ලොවට හොරෙන් අපි අතරම සැඟවී ඇත්ද​?

මෙන්න ඒ සත්‍යය කතාව ඔහුගේම වචන වලින්.

"I had a gay love for six years when i was in campus. He wanted to marry. I allowed. He wanted me to be his bestman. I did it. But can you imagine how difficult it was for me to spend time as bestman on his wedding day. I cried loudly inside the toilet of the hotel. No one was there to share my pain. I felt as the whole... world was in fire. Later, i also married, but never met him thereafter...........
The day before his wedding day i went to his place in gampaha. Everyone was busy, getting ready for the wedding. I was in a dreamy world, no hunger, no thirst and no sense of the sorounding at all. Every minute every second my heart got burnt with the sense of my boyfriends departure on the following day. In the evening we two went to the temple, no single word exchanged between us. Both are in deep sorrow and burning in pain. How many words., how many stories, how many laughs, how many cries have been exchanged between us during past six years, but now.. ...., only silent exchanges burnig in pain......, In the temple we did nothig, but crying hugged each other... no feeling who saw us, we never worried of that. Only tried to get the last smell of our six years love............, around 8pm we reached home and i went to the bed without having any dinner.
I was given a room to be shared with his brother. Sleep never came to me. I remembered everything, whole six years love as a romantic film...., no one to tell these , i only had to make silent tears as his brother could hear. I felt if i could stop the next day dawn, but i failed. Late in night, without knowing to me , i had gone to sleep. arly in the morning i felt some one slowly opening the door. I kept still and silent. Soon i felt the sweet smell of him, he gave me the last kiss of our lives.

Wedding was in biyagama village hotel. In the hotel i felt as i was in fire. I ran to the toilet of the hotel and cried loudly. I tried my maximum to avoid my eyes with him. Every time i saw him he was keeping his eyes at me. When he was close leave for honeymoon , i felt my heart was going to burst. Luckily one friend of both of us felt this. He came to me and asked whether i want to leave. I said yes. Without telling anyone we left the hotel from the rear gate
In the car i did nothing but crying. He stooped the car infront of gampaha station. There was one hour more for the train. He asked me whether i want to drink. I said no. Everything started to film in my mind. How we did shopping in gampaha town, how we wathched films, how we walked in the railway hands in hand, how we bathed in the ketawela anicut in weekends... every thing. I felt i fell from pan to fire. Luckily the train came and in a dreamy world i got into the train. My friend was waiting till the train disappeared.
Close to midnight i reached home. Still i dont have a clear memmory of those days. Later i also married. I was much brighter than him when we were in campus and i got through the final exam with a class. But now........, my friend and his wife are both consultants and my self being the suffered is still spending my life with the suffered of this country in a remote area in --------------- zone.
What i have to tell at the end is, not to involve in gay love. It will only bring sorrow to your life. But having a good gay friendship will be much benificial to your life As you can share all your feelings with yoUr gay friend, nothing to hide and sex........... mmmmmmmmmmmmm its upon you to decide. may be....... i mean.................................."




කනිෂ්ක සොයුරානම් කියන්නේ ආදරය එපා කියලයි.ඒත් ආදරය අපි බලෙන් ඇති කර ගන්න දෙයක් නෙවෙයි නේද​. ඉතින් ආදරය ඇතිවෙන එක අපිට නවත්තන්න පුලුවන්ද?


Monday, June 11, 2012

සමරිසි බව​ හා ලංකාව​

විද්‍යාත්මකව බලන කළ සමලිඞ්ගිකත්වය මානසික රෝගයක් හෝ අසාමාන්‍යයතාවයක් නොවේ.
එමෙන්ම එය වර්තමානයේ අළුතින් ඇති වූවක්ද නොවේ.ඉතා ඈත අතීතයේ පටන්ම එය මිනිසුන් අතර මෙන්ම නොයෙක් සතුන් අතරද පැවතී ඇත​.
වික්ටෝරියානු යල් පැන ගිය මත වාද තුල තවමත් ගිලී සිටින ශ්‍රී ලංකාවේ සමරිසි භාවය පිළිබඳ නිවැරදි මතයක් බොහෝ දෙනා තුළ තවමත් නැත​.
බෞද්ධ යන නම භාවිතා කරමින් ඉස්ලාම් මූලධර්මවාදී රටක් මෙන් ක්‍රියා කරමින් බුද්ධ දර්ශනයෙහි ඇති නිදහස හා සමානාත්මතාව නොසළකා හැරීම ඉතාම කණගාටු දායක තත්වයකි.
එවැනි තත්වයක් පවතිද්දී පසු ගියදා ජාතික පුවත් පතක නිවැරදි කරුණු ඇතුලත් ලිපියක් පළ වීම ඉතා සතුටු දායකය​.

එය පහත link එකෙන් දැක්වේ.
http://www.lakbimanews.lk/index.php?option=com_content&view=article&id=644%3Aerasure-of-the-gays&Itemid=56

Monday, June 4, 2012

ගේ කුරුල්ලෝ හදන්නෙත් කුරුළු කූඩු....

මේ ඉරිදා මව් බිම පත්තරේ ගිය මේ ලිපිය දැක්කද​?
ඇත්තටම මේ කරුන දිහා හොඳ විවෘත මනසකින් බලළා ලියපු වැදගත් ලිපියක්.අර කලින් රිවිර පත්තරේ පලවුනු කිසිම හරයක් නැති පට්ට පල් බොරු ටික එක්ක සැසඳුවාම ඉතා හොඳ ප්‍රවේශයක්.

ඒත් මේ ලිපියෙත් එක වැරදි කරුණක් තියෙනවා.
සමරිසි/සමලිංගික කියන්නේ මානසික ලෙඩක්වත් ප්‍රතිකාරවලින් හොඳ කළ හැකි දෙයක් වත් නෙවෙයි.

http://www.mawbima.lk/ct-admin/images/e_paper/3359.jpg

ඔබ සමලිංගිකත්වයට විරුද්ධ වන්නේ ඇයි.? ඔබ ඉදිරිපත් කරන තර්ක.. From Malata Noena Bambaru

 සමලිංගිකත්වය ගැන සමාජයේ එකිනෙකා තමන්ට හිතෙන හිතෙන නොයෙක් දේ කියනවා.ඒත් ඒ බොහෝමයක් ඇත්ත නෙවෙයි.ඒ ගැන ලියවුණු ඉතා වටිනා ලිපියක් තමයි මේ.


Link- http://malatanoenabambaru.blogspot.com/2012/05/blog-post_19.html

1.සමලිංගිකයින් යනු මානසික රෝගිහු වෙති.

නැත. නූතන මනෝ විද්‍යාව සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙස නොසලකයි. සමලිංගිකයින් වෙත එල්ලවෙන අධික නින්දා අපහාස, පවුලෙන්, හිතමිතුරන්ගෙන් වන කොන්කිරීම්, නිශ්චිත සහකරුවෙකු සොයාගත නොහැකිවීම, තම හැගීම් පවසා ගැනීමට කෙනෙක් නැතිවීම ආදී කරුණු නිසා ඔවුහු අධික මානසික පීඩනයට සහ මානසික ආතතියට පත්වෙති. එනිසා ඔවුහු විශාදය, කාංසාව වැනි මානසික රෝගවලට ලක්වෙති.

2. සමලිංගිකයින් එකිනෙකාට ආදරය නොකරති. ඔවුහු ලිංගික තෘප්තිය පමණක් සොයායති.



මෙසේ වන්නේ එක්තරා කොටසකින් පමණි.සමහර පිරිමි ගණිකාවන් සොයායන්නා සේ සමහර සමලිංගිකයින් එසේ ලිංගික තෘප්තිය සොයායති. මෙය වැඩිපුරම සිදුවන්නේ ගැහැණු, පිරිමි දෙපාර්ශවය කෙරේම ලිංගික හැඟීම් ඇතිවෙන ද්විලිංගිකයින් අතරිනි. ඇත්තෙන්ම ගැහැණු- පිරිමි ආදරය කරනවා මෙන්ම සමලිංගිකයින්ද තම සහකරුවාට ආදරය කරති. ආදරයේ කිසිදු ආකාරයක වෙනස්කමක් නැත.ඔවුන්ද තම සහකරුවා සමග මුළු ජීවිත කාලයම පෙමින් බැදී ජීවිත්වීමට ආශාකරති.ඔබ Brokeback Mountain(2005), Maurice(1987) වැනි චිත්‍රපටියක් නැරඹුවානම් සමලිංගික ප්‍රේමය පිළිබඳ ඔබ තුළ ඇති අදහස් වෙනස් වනවා ඇත.

3.සමලිංගිකත්වය තමන්ගේ කැමැත්ත මත සිදුකරන තෝරාගැනීමකි. අවශ්‍ය නම් එයින් ඉවත්විය හැක.

සමලිංගිකත්වයට නිශ්චිත හේතුවක් අද දක්වාම විද්‍යාඥයින් අතින් සොයාගෙන නැත. මන්ද මෙය තමන්ගේ සිත තුල ඇතිවන කැමැත්තක් නිසාවෙනි. මෙය මානසික රෝගයක් නොවන බැවින් ඊට ප්‍රතිකාරද නොමැත. ද්විලිංගිකයින්ට සමලිංගිකත්වයෙන් මිදිය හැකිමුත්, සමලිංගිකයින්ට එසේ කළ නොහැක. එසේ මිදීමට තැත්කිරීම තමන් අකමැති දෙයකට කැමතිවන්නට යනවාක් මෙන් පීඩාසහගත දෙයකි.
4. සමලිංගිකයෝ ළමා කාමාතුරයෝ වෙති.


මෙයද වැරදි මතයකි. සමහර පිරිමි බාල වයස්කාර දැරියන්ට අපචාර කරනවාසේ, සමහර සමලිංගිකයින් ළමා අපචාර සිදුකරති.එනිසා සියලු සමලිංගිකයින් ළමාකාමාතුරයෝ නොවෙති. කවුරුන් කළද ළමා අපචාරය අපරාධයක් බැවින් එයට නිසි දඬුවම් ලබාදියයුතුය.

5.සමලිංගිකත්වය නූතන සමාජයේ මෑතකදී ඇතිවූවකි. එය බටහිර සංස්කෘතියේ ලක්ෂණයකි.

සමලිංගිකත්වය මිනිස් ශිෂ්ටාචාරයේ මුල් යුගයේ පටන්ම පැවති බවට සාක්ෂි ඇත. පුරාතන රෝමය, ග්රීසිය, ඊජිප්තුව, චීනය, ජපානය, ඉරාකය, තායිලන්තය ආදී රටවල මෙය අතීතයේ සිට පැවති බවට ඕනෑ තරම් සාක්ෂි ඇත. එනිසා මෙය බටහිරන් ආවක් නොවේ. සමලිංගිකයින්ට සමතැන ලබාගැනීමේ පෙරමුණු ඇතිවුනේ බටහිර රටවලිනි. එනිසා මෙය බටහිරින් ආවක් ලෙස සමාජයට පෙනී ඇත.මෙය අතීතයේ බටහිර තහනමට ලක්ව පැවැති දෙයකි.

6. සමලිංගිකත්වය සොබාදහමට විරුද්ධ දෙයකි.

විද්‍යාඥයින් විසින් දැනට අලියා, වඳූරා, සිංහයා, ඩොල්පින්, ආදි ක්ෂීරපායින් පෙන්ගුයින්, පරවි, උකුස්සා වැනි පක්ෂි ආදි සත්ත්ව විශේෂ ගණනාවක සමලිංගික හැසිරීම් වාර්තාකර ඇත. එනිසා මෙය මිනිසුන් අතර පමණක් පවතින දෙයක් නොවේ

7.සමලිංගික ක්‍රියාවක යෙදීම පාපයකි.

මෙරට ප්‍රධාන ආගම වන බුද්ධාගම ඇසුරින් මෙය විමසා බලමු
බුදුදහමේ ගිහියන් සඳහා ඇති පංචසීලයේ තෙවන ශික්ෂාපදයේ දක්වා ඇත්තේ කාම මිථ්‍යාචාරයේ යෙදීමෙන් වළකින ලෙසයි.මෙහි මිථ්‍යාචාර යනු කුමක්දැයි පැහැදිලිව අර්ථදක්වා නැහැ. අනුව නුවර යුගයේ පැවති බහු පුරුෂ විවාහය, රජ කාලයේ පැවැති අන්තඃපුර ආදිය පාප ක්‍රියා නොවේ. මන්ද එහිදී කිසිවෙකුටත් බොරුවක්, වංචාවක් සිදුනොවන බැවිනි. නමුත් අද සමාජයේ මේවා පිළිකුලෙන් හෙලා දකියි.
ගිහියන්ට සමලිංගික ක්‍රියාවේ නොයෙදෙන ලෙස බුදු දහමේ සදහන්ව නැහැ.මේ අනුව වැඩිහිටි ඔබ සමලිංගික ක්‍රියාවක යෙදුන හොත් එය පාපයක් වන්නේ.දැනටම එක් පුද්ගලයෙකු සමග සමලිංගික සබදතාවක් පවත්වන ගමන් ඔහුට\ඇයට හොරෙන් වංචාකරමින් තවත් පුද්ගලයෙකු සමග ලිංගික සබදතාවක් පැවැත්වුවහොත් පමණයි.

8.සමලිංගිකත්වය නිසා සමාජය පරිහානිය කරා ගමන් කරයි.

සමලිංගිකත්වය නීතිගත කළත් නැතත් සමාජයේ කවරකුවත් බලෙන් සමලිංගිකයකු කළ නොහැක. එයට යොමුවන්නේ ඊට කැමත්ත ඇති පුද්ගලයින් පමණී. එනිසා සමලිංගිකත්වය පැතිරවිය නොහැක. මඳක් සිතා බලන්න. ඔබ අකමැති දෙයක් කිරීමට ඔබව බලෙන් එයට යොමුකළ හැකිද?. පර්යේෂණ අනුව සමාජයෙන් සියයට 5ක් සමලිංගිකයෝ වෙති. එනිසා සමාජයේ ඉදිරි ගමනට එය බාධාවක් නොවේ. අලුතින් දරුවන් බිහිවීමේ අඩුවක් ඇති නොවේ.

9.සමලිංගිකත්වය ඒඩ්ස් ඇතුළු ලිංගික රෝග ව්‍යාප්තියට රුකුලකි

මෙය තමන්ගේ හැසිරීම පිළිබඳ ප්‍රශ්නයකි. සමලිංගික නොව වෙනත් ඕනෑම ආකාරයක ලිංගික ක්‍රියාවකින් ලිංගික රෝග බෝවිය හැක. තමන් විශ්වාසවන්ත එක් ලිංගික සහකරුවෙකුට පමණක් සීමාවනවා නම් සමලිංගිකත්වය හෝ වෙනත් ඕනෑම ලිංගිකත්වයක් ප්‍රශ්නයක් නොවේ.

10.සමලිංගිකයින්ට දරුවන් බිහිකල නොහැකි බැවින් ඔවුහු අවාසනාවන්ත ජීවිත ගතකරති.

සමලිංගික යුවලක් ජීවත්වන්නේ වෙනත් ඕනෑම යුවලක් මෙන් ආදරයේ බැදීමෙනි. විෂමලිංගික ඔබට එය වටහා ගැනීම අපහසු ඇති. එහෙත් එවන් ආදරයක් ඇත්තෙන්ම පවතී. එය දන්නේ සමලිංගිකයින්ම පමණි.

*********************************************************************************
මඳක් සිතාබලන්න. ඔබ සමලිංගිකත්වයට විරුද්ධ වන්නේ ඔබට එය කෙරේ පිළිකුලක් ඇතිවන නිසා නේද? .
ඔබ කැමැති විරුද්ධ ලිංගිකයන්ට වුවත්. මම කැමති මගේ ලිංගයේම අයටයි. මම එම පුද්ගලයාට ආදරෙයි. එම පුද්ගලයත් මට ආදරේනම්, නිසා කාටවත් කරදරයක් නැත්නම්, අපේ ආදරයේ ඇති වරද කුමක්ද? ආදරය කිරීම වැරැද්දක්ද?
ලෝකයේ පැවතිය යුත්තේ ඔබ කැමැති දේ පමණක්ද? ඔබ අකමැති දේවල් මේ ලෝකයේ පැවතිය යුතු නැතිද?
ලෝකයේ පැවැතිය යුත්තේ ඔබේ ජාතිය, ඔබේ ආගම, ඔබේ සංස්කෘතිය, ඔබේ දේශපාලන මතය ඔබ කැමති කෑම,බීම, ඇදූම් පැලදුම් පමණක්ද? ඔබට ඔබ අකමැති අනික් සියල්ල පිළිකුල් නේද?
බහුතරය ඔබ වුවත් සුළුතරයට මේ ලෝකයේ ඉඩක් නැතිද?
අනික් කරුණු කෙසේවෙතත් ආදරය කියන උත්තරිතර හැගීමටවත් ඉඩ දෙන්න.
ඔබට ඔබේ ආදරය අහිමි වීමෙන් ඇතිවන වේදනාවම මටත් එලෙසම දැනේ.

Related Posts Plugin for WordPress, Blogger...