Thursday, January 23, 2014

සිංහල සිනමාවේ පිරිමි සමරිසි ආදරය ... Frangipani නැත්නම් අරලියා මල








Frangipani නැත්නම් අරලියා මල සිංහල සිනමාවේ පිරිමි සමරිසි ආදරය ගැන මූලිකවම කතා කරන පළමු චිත්රපටය වෙන්නයි යන්නේ.කියන විදියට මේ චිත් පටයේ ගැබ් වෙන්නේ සමරිසි ආදරයකින් බැඳි තරුණයන් දෙන්නෙක් අතරට ආදරය සොයා එන තරුණියක් එක්වී නිර්මාණය වන තුන්කොන් ආදරයක්.

Movie Trailer එකේ පේන විදියට නම් නිර්මාණය ඉතාම කලාත්මකයි.
වගේම කවදාවත් සිංහල සිනමාවේ ප්රධානවම කතා නොවුනු දෙයක්.










සමරිසි අයිතීන් ! ගෝත්‍රික නීති



ලිංගිකත්වය සම්බන්ධ යල් පැන ගිය නීතියක් උපයෝගී කරගෙන මංගල සමරවීර මහතා අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ආසියාවේ ආශ්චර්යය කරා යන බව කියන ආණ්ඩුව නූතන ලෝකය විසින් බැහැර කරන මෙවන් නීති කරළියට ගෙන ඒම ‘අතිශය පසුගාමී රටක නූගත් පිරිසකගේ පාලන සමය මූර්තිමත් කිරීමක් බවත්’ එක්සත් කාන්තා කමිටුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනය මෙසේය.
” එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර ගේ නිවසට පැන මත්පැන් බෝතල් කිහිපයක් හා ලැප්ටොප් පරිගණකයක් සොරාගත් බවට සැකය මත අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරනු ලැබූ සැකකරු පොලිස් මූලස්ථානය වෙත කල පැමිණිල්ලක් මුල්කොටගෙන, සම්මත නොවන ලිංගික ඇසුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ සැළසුමක් මේ වනවිට ක‍්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වෙමින් පවතී.
මෙය දේශපාලන පළිගැනීමක් සඳහා සංවිධානාත්මකව කරණ ලද කුමන්ත‍්‍රණයක් බව පැහැදිලිව පෙනෙන්නට ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ වෙසෙන කවරහෝ ‘සමරිසියකුට එරෙහිව ඕනෑම අවස්ථාවක මෙම යල්පැනගිය නිතිය ක්‍රියාත්මක කිරීමේ අවධානමක් පැනනගී.
එහෙයින්, කාන්තා අයිතිවාසිකම් සහ සුභ සිද්ධීන් වෙනුවෙන් ක්‍රියාකාරී වන අප සංවිධානය මේ ප්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටින්නේ මිනිසුන් සතු ලිංගිකත්වය සම්බන්ධයෙන් වන අයිතිවාසිකම ඉතා නිර්ල්ජ්ජිත හා ගෝත්‍රික මානසිකත්වයෙන් යුතුව උල්ලංඝනය කිරීමට වත්මන් පාලනාධිකාරිය හා ඔවුන්ගේ හිතමිතුරන් මේ මොහෝතේ කරළියට පැමිණ ඇති තත්ත්වයක් තුළය.
මංගල සමරවීර මන්ත‍්‍රීවරයාගේ පෞද්ගලික ජීවිතය මූලික කොට ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන්න කැස කවන්නේ පැරණි වික්ටෝරියානු සදාචාරවාදයේ යල්පැන ගිය නීති නැවත කරළියට ගෙන එමිනි. වික්ටෝරියානු සදාචාරවාදය උපන් එංගලන්තයේද මේ මානව විරෝධී නීති ඉවත් කර දැන් බොහෝ කල්ය. එහෙත් අතිශය පසුගාමී රටක ඇතැම් නූගත් පිරිසකගේ පාලන සමය මූර්තිමත් කරමින් අද වත්මන් පාලනාධිකාරිය හා ඔවුන්ගේ මිතුරන් මේ නීති ක්‍රියාත්මක තලයට ගෙන ඇත.
රටක නීති පැවැතිය යුත්තේ කිසිවකුගේ හෝ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට නොව ඒ සු‍රැකීමටය. අද ශ්‍රී ලංකාවේ පවත්නා නීති පද්ධතිය මානව අයිතිවාසිකම් සුරක්ෂිත වන ලෙස විද්‍යාත්මක සමාජ භාවිතයට ගැලපෙන ලෙස ප‍්‍රතිසංස්කරණය කොට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් ජනතාව වෙත ලබාදිය යුතුව තිබෙන තත්තවයක් තුළ මේ සිදුවීම ඉතා කණගා‍ටු දායකය.
ශ‍්‍රී ලංකාව තුළ ජීවත්වන සමරිසියන් 1886 සිට පනවන ලද දණ්ඩ නීති සංග්‍රහයේ 365A පරිච්ඡේදය ප්‍රකාරව මානසික පීඩනයට යටත්ව ජීවත්වේ .
එමෙන්ම පසුගිය වසර 50කට අධික කාලයක් මෙම යල්පැනගිය නීති ක‍්‍රියාත්මක වී නැති අතර සමරිසියන්ගේ අයිතිය දියුණු රටවල මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල සහ තුන්වෙනි ලෝකයේ රටවල් පවා පිළිගෙන නීත්‍යානුකූල කර ඇති හා ඒ සලකා බැලෙමින් පවතින පසුබිමක නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුගයකට හා ආසියාවේ ආශ්චර්යය කරා ගෙන යනවාය කියන ගමනේදී හුදු දේශපාලන පළිගැනීම උදෙසා මංගල සමරවීර මහතාගේ මානව හිමිකම් උල්ලංගනන කිරීමක් පමණක් නොව සමස්ත සමරිසි ජනතාවගේ අවමාන කොට චරිත ඝාතනයක් ද මේ තුළින් සිදුකරන්නට සැරන බව පැහැදිලිය.
රාජ්‍යයක් මෙහෙයවන පාලකයන්ට ඒ සමස්ත රට වැසියාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හැකියාව සහිත විය යුතුය. ඒ නොහැකියාවන් නිසා අපි රටක් ලෙස පසුගිය දශක ගණනාවක් පුරා ලේ වැකි යුද්ධයක්ද සමඟින් පීඩාවට පත්ව සිටිමු. ඒ තවදුරටත් මේ රටට අවශ්‍ය තත්ත්වයක් නොවේ.
එසේම පොදුරාජ්‍ය මණ්ඩලීය රටක් මෙන්ම එහි වත්මන් සභාපතිධුරය හිමිව තිබෙන රටක් ලෙස මෙම යල් පැන ගිය නීති පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රඥපතිය ඍජුවම උල්ලංඝනය කිරීමක් බව පොදුරාජ්‍ය මණ්ඩලීය සභාපති රාජපක්ෂ ජනාධිපතිවරයාට යළි මතක් කිරීම කළයුතු නොවනු ඇතැයි අපි කල්පනා කරමු.
අනෙකාට අමානුෂික ලෙස සලකන යල් පැන ගිය ගෝත්‍රික නීති ඉවත් කර යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරවන යුගයක් අපට අවශ්‍ය වී තිබේ. විවිධ ජාතීන්ට, ආගමිකයන්ට මෙන්ම සමරිසි ජනතාවද අපෙක්ෂා කරන්නේ එයයි. අපි ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමු. ඒ වෙනුවෙන් සටන් කරමු.
ඩයනා ගමගේ
සභාපති
එක්සත් කාන්තා පෙරමුණ
2014 ජනවාරි 23

link  http://sinhala.lankaherald.com/?p=2624
Related Posts Plugin for WordPress, Blogger...