Tuesday, May 5, 2015

කෙනෙක් සමරිසි වෙන්නෙ ඇයි ? Causes for Homosexuality

කෙනෙක් සමරිසි වෙන්නෙ ඇයි කියන ප්‍රශ්නෙට එක එක්කෙනා ගාව එක එක උත්තර තියෙනවා.ඒත් ඒ හුඟක් මත වැරදියි.තමන් සමරිසි උනේ ඇයි කියලා හුඟක් සමරිසි අය දන්නෙත් න​ෑ.නොයෙක් වැරදි මතවල එල්ලිලා මානසික පීඩනවලට ලක්වෙනවා.අපි විද්‍යාත්මකව බලමු කෙනෙක් සමරිසි වෙන්නෙ ඇයි කියලා.








විද්‍යාත්මක පරීක්‍ෂණ ,සමීක්‍ෂණ අනුව කෙනෙක් සමරිසි වෙන්නෙ උපතේදීම හෝ ඒ ආසන්න කාලයේදී.ඒක ජානමය බලප​ෑම්,හෝමෝනමය බලපෑම් ආදී ක්‍රියාවලීන්වල එකතුවක් විදියටයි සැළකෙන්නේ.
එහෙම නැතුව කෙනෙක් අතවරයට ලක් උනු නිසාවත්,මුලින්ම කොල්ලෙක් එක්ක sex කිරීම නිසාවත් නෙවෙයි කෙනෙක් සමරිසි වෙන්නෙ.ඒ වගේම සමරිසි බව ලෙඩක්වත් ,ඇබ්බැහි වීමක්වත් නෙවෙයි.

පහත වීඩියෝවෙන් ඒ සියල්ල සරලව පැහැදිළි කරනවා.
https://www.youtube.com/watch?v=EI1_jzPEcwU








 සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙවෙයි කියාලා අද ලෝකෙම පිළිගන්නවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය මානසික රෝග ලැයිස්තුවෙනුත් ඒක ඉවත් කරා.
ඒ නවීන විද්‍යාත්මක සොයා ගැනීම් නිසා.

විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුව කෙනෙක් සමරිසි වෙන්නේ බොහෝ විට උපතේදීම හෝ ඊට ආසන්න කාලයේදී.ඒකට හුඟක් ජානමය පදනමක් තියෙනවා කියළයි සැලකෙන්නේ.
ඒත් ඒක xxy කියන ජාන තත්වය (Klienfelter syndrome) නෙවෙයි.එහෙම වෙන අය ඉතාම සුළු පිරිසයි ඉන්නෙ.සමරිසි අයගේ හුඟක් වෙලාවට ඒ වගේ සරල ජාන වෙනස් වීමක් (Chromosomal abnormality ) නෙවෙයි තියෙන්නේ.ඒක polygenic කියන තත්වයක්.
කෙනෙක්ගේ සමේ පාට ,උස මිටි බව ආදිය තීරණය වෙන්නෙත් ඒ වගේ polygenic ක්‍රමයට​.
ඒකෙදි අදාළ ජානයක් පැහැදිලිව පෙන්වන්න බැරි උනාට ජානවල එකතුවක් විදියට අදාළ ලක්‍ෂනය ඇති කරනවා.
කෙනෙක් සමරිසි වීමේ 5%ක සම් භාවීතාවක්/හැකියාවක්  තියෙනවා.ඒත් කෙනෙකුට සමරිසි නිවුන් සොහොයුරෙක් ඉන්නව නම් ඒ හැකියාව 50%ක් වෙනවා.කෙනෙක් කියන්න පුළුවන් නිවුන් සහෝදරයෝ දෙන්නෙක් එකම පරිසරයක හැදෙන නිසා දෙන්නම සමරිසි වෙනව කියලා.ඒක නිසා උපතේදිම වෙන් වෙලා වෙනම පරිසර වල හැදුනු නිවුන් සහෝදරයෝ යොදා ගෙන කරපු පරීක්‍ෂණ වලදිත් අර පරණ ප්‍රතිඵලයම විද්‍යාඥයන්ට ලැබුණා.ඒකෙන් කියවෙන්නේ එකම ජාන සැකැස්ම තියෙන අය පරිසරය මොකක් උනත් සමරිසි වෙන බව​..ඒ ජානමය හේතු නිසා.

ජානමය හේතුන් ඒ කියන්නෙ සරලවම කිව්වොත් DNA අණු වල සංකලන  වෙනස් වීම ඒ සඳහා බලපානවා වගේම DNA වලට සිදුවන අනෙක් රසායනික ප්‍රතික්‍රියාත් මේ සඳහා බලපාන බව විද්‍යාඥයෝ සොයා ගෙන තියෙනවා.මේ සංසිද්ධිය හඳුන්වන්නේ epigenetics නමින්.මේ epigenetic modifications සංසේචනයෙන් පසුවත් කළල බෙදීමෙන් පසුවත්  සිදුවිය හැකි නිසා සමහර නිවුන් සහෝදරයන් ගෙ උනත් ජාන 100% සම්පූර්ණයෙන්ම සමාන නැහැ.
ඒ නිසා කලාතුරකින් නිවුන් සහෝදරයො දෙන්නෙක් sexual orientation දෙකක වෙන්න පුළුවන්


පහත වීඩියෝවෙන් ඒ සියල්ල සරලව පැහැදිළි කරනවා.
 https://www.youtube.com/watch?v=saO_RFWWVVA



 ජානමය හේතු විතරක් නෙවෙයි  මව් කුසේ/ගර්භාෂයේ සිටියදී සිදුවෙන හෝමෝනමය හා වෙනත් ජෛව රසායනික ක්‍රියාවලීනුත් සමරිසි වීම කෙරෙහි බලපානවා.



කෙනෙක් කාටද ලිංගිකව ආකරශනය වෙන්නෙ කියන එක තීරණය කරන්නෙ මොළයේ හයිපොතැලමස කියන කොටසින්.කළල අවධියේදී තීරණාත්මක වර්ධන අවධියේදීමේ කොටස පිරිමි හෝමෝන වලට හොඳින් නිරාවරණය උනොත් කාන්තාවන් කෙරෙහි ආකර්ශනය වෙනවා.නැතිනම් පිරිමි කෙරෙහි ආකර්ශනය වෙනවා.අදාල කාල සීමාව පහු කළායින් පස්සෙ කොච්චර හෝමෝන ලැබුනත් වැඩක් න​ෑ.මොකද ඊට පස්සෙ හයිපොතැලමස වෙනස් වෙන්නෙ න​ෑ.

එක් විද්‍යාත්මක නිරීක්‍ෂණයක් තමයි හුඟක් වෙලාවට සමරිසි වෙන්නෙ පිරිමි ළමයි හුඟක් ඉන්න පවුලක බාලම සහෝදරයා.ඒකට හේතුව හැටියට සැළකෙන්නෙ කළින් පිරිමි ළමයෙක් ගර්භාෂයේ සිටියදී පිරිමි හෝමෝනවලට මවගේ කාන්තා සිරුරෙන් නිපදවෙන ප්‍රතිදේහ​.ඒ ප්‍රතිදේහ ඊළඟ පිරිමි කළලයේ පිරිමි හෝමෝන මත බලපාලා ඒවා තාවකාලිකව අඩු කරන්න ක්‍රියා කරනවා.අදාල තීරණාත්මක පියවරේදී හෝමෝන අඩු උනොත් මොළය සමරිසි බවට පත් වෙනවා.

 මේ තියෙන්නේ මනෝ විද්‍යාව පිළිබඳ ලෝකයේ ඉහළින්ම පිළිගැනීමට ලක්වන ආයතනයක් වන  
රාජකීය විශේෂඥ මනෝ වෛද්‍යවරුන් ගේ ආයතනය​ Royal College of Psychiatrists UK හි මතය​.

Link 1 - https://www.rcpsych.ac.uk/pdf/PS02_2014.pdf

Link 2 -http://www.rcpsych.ac.uk/members/specialinterestgroups/gaylesbian/submissiontothecofe/psychiatryandlgbpeople.aspx

 "Biological theories regarding GLB sexuality attempt to link sexual orientation with DNA markers on the X chromosome or to demonstrate that in utero maternal hormones have an effect on sexual orientation. Other theories attempt to show that the brain of the male who is GLB is anatomically different from that of the male who is heterosexual. Studies show a concordance of sexual orientation in male twins who are raised apart, lending support to the idea that biological factors greatly contribute to the development of sexual orientation. Likewise, Bell and colleagues conducted a study of 1500 individuals identified as gay and lesbian through detailed interviews involving various aspects of their childhood environment, including parental relationships.[6] They concluded that adults who are GLB and adults who are heterosexual had almost identical familial and sociological upbringing.

To date, research studies suggest that aspects of homosexuality are likely linked to genetic factors."

reference

sexual oreintation - emedicine

link - http://emedicine.medscape.com/article/917792-overview#aw2aab6b3




 සමරිසි බව පිළිබඳ පරිණාමීය පැහැදිළි කිරීම​.



 සමරිසිබව කියන එක අද ඊයෙ ඇතිවුන එකක් නෙවේ.වසර දහස් ගණනක් ඉඳන් පැවත එන්නක්.ඒවගේම සමරිසි බව මිනිසුන් අතර විතරක් ඇති දෙයක් නෙවෙයි.අනෙක් බොහෝ සත්ව විශේෂ වලත් පවතින දෙයක්.සාමාන්‍යෙන් පරිණාම වාදයෙන් කියවෙන්නේ පරම්පරා ගානක් ගත වෙද්දි යම් කිසි සත්ව විශේෂයක  පරිසරයට ගැලපෙන හොඳ ලක්‍ෂන ඉතුරු වෙලා අනෙක් ලක්‍ෂන නැතිව යනවා කියලනෙ.ඒකට ස්වභාව ධර්මය විසින් තේරීම හෙවත් ස්වාභාවික වරණය (Natural selection) කියලා කියනවා.

විද්‍යාඥයෝ හොයල බැලුව ළමයි උපදවන්නෙ නැති සමරිසි බව සත්ව විශේෂයකට වැඩක් නැත්තම් කොහොමද පරිණාමයේ ස්වාභාවික වරණයෙන් බේරී ඉතුරු උනේ කියලා.
ඒ පරීක්‍ෂණ වලදී හොයා ගෙන තියෙනවා පිරිමි සමරිසි ජාන සැකැස්ම කාන්තාවකට පිහිටන විට ඒ කාන්තාවන්ට වැඩියෙන් දරුවන් ලැබීමේ හැකියාවක් ලැබෙන බව​.ඒ කියන්නේ සමරිසි පිරිමියෙක්ගේ සහෝදරියන් වැඩියෙන් දරුවන් බිහි කරා.
අතීත ගල් යුගයේ දරුවන් රැක ගැනීම ඔවුන්ට ආහාර සොයා දීම ඉතා අපහසු කාර් යයක්.හුඟක් පිරිමි දඩයම් වලදී මිය ගියා.ඉතින් දරුවන් වැඩියෙන් බිහි කරල මදි ඔවුන් හොඳින් ලොකු කර ගත්තොත් විතරයි මිනිස් විශේෂයේ අනාගත පැවැත්ම තියෙන්නේ.
අන්න ඒ සඳහා අදාල ජාන සැකැස්ම විසින්ම සමහර අයව සමරිසි කරනවා.එවිට ඔවුන් තමන් පවුල් ඇති නොකරන නිසා තම සහෝදරියන් ගේ විශාල දරු සංඛාව ක​ෑම සොයාදී රැක ගන්නවා.හැමෝම දරුවන් සාදා හැමෝම හාමතින් මිය යනවා වෙනුවට ඉපදුන දරුවන්ට ආහාර ලැබී වර්ධනය වී මිනිස් විශේෂයේ අනාගත පැවැත්ම තහවුරු කිරීමට සමරිසි ජාන ස්වභාව ධර්මය විසින්ම පවත්වා ගෙන ඇවිත් තියෙනවා.
 ඒ වගේම සමාජ සත්වයෙක් උන මිනිසා අනික් මිනිසුන් සමග සමීප සම් බන් ධතාවක් (social bonding) ගොඩනගා ගැනීමට සමරිසි බව උපකාරී වූ අතර ඒ තුලින් මිනිස් විශේෂයේ පැවැත්ම තහවුරු වූ බවද​ පැවසෙනවා.


Links

The evolutionary puzzle of homosexuality
 http://www.bbc.com/news/magazine-26089486


 http://www.huffingtonpost.com/2014/11/26/homosexuality-evolution-social-bonding_n_6218406.html


"The authors of a 2008 study stated "there is considerable evidence that human sexual orientation is genetically influenced, so it is not known how homosexuality, which tends to lower reproductive success, is maintained in the population at a relatively high frequency". They hypothesized that "while genes predisposing to homosexuality reduce homosexuals' reproductive success, they may confer some advantage in heterosexuals who carry them". Their results suggested that "genes predisposing to homosexuality may confer a mating advantage in heterosexuals, which could help explain the evolution and maintenance of homosexuality in the population".[146] A 2009 study also suggested a significant increase in fecundity in the females related to the homosexual people from the maternal line (but not in those related from the paternal one).[147]

A review paper by Bailey and Zuk looking into studies of same-sex sexual behaviour in animals challenges the view that such behaviour lowers reproductive success, citing several hypotheses about how same-sex sexual behavior might be adaptive; these hypotheses vary greatly among different species. Bailey and Zuk also suggest future research needs to look into evolutionary consequences of same-sex sexual behaviour, rather than only looking into origins of such behaviour.[148] "


මේ තියෙන්නෙ අදාළ විද්යා්ත්මක උපුටා ගැනීම්.References
කාටත් කියවලා සරලව තේරුම් ගන්න පුළුවන් wikipedia link 1, 2  මෙන්න.

http://en.wikipedia.org/wiki/Homosexuality#Causes

http://en.wikipedia.org/wiki/Biology_and_sexual_orientation





 සමරිසි බව ඇතිවෙන හැටි පිළිබඳ ඇති වැරදි මත​


 එයින් ප්‍රධානම වැරදි මතයක් තමයි තමන් කව්‍ රු හරි හින්ද සමරිසි උනා කියලා හිතාගෙන ඉඳීම​.

මේක වැරැද්දක් කාට හරි පැටවීමේ මානසික ක්‍රියාවලිය හින් ද ඇතිවෙන එකක්.මනෝ විද්‍යාවෙ මේක defense mechanism එකක් කියලා හඳුන්වනවා.
කෙනෙක්ගෙ මුල්ම ලිංගික අත්දැකීම මත කෙනෙක්ගෙ එක තීරණය නොවෙන බව scientific research වලින් හොයා ගෙන තියෙන දෙයක්.

 කෙනෙක් උපතෙදි සමරිසි උනාට ලිංගික හැඟීම් පහළ වෙන්නෙ වැඩිවිය පත් උනාමයි.straight අයත් එහෙමනෙ උපන් දා ඉඳන් කව්‍ රුත් sex කරන්නෙ නෑනෙ.
ඒ නිසා සමහර අයට වැරදි මතයක් ඇති වෙන්න පුළුවන් තමන් සමරිසි උනේ පස්සෙ කියලා.ඒත් තමන් එහෙම උනේ උපතේදීම අර polygenic සැකැස්ම තමුන්ට ලැබුණු නිසයි.
විද්‍යාත්මක පරීක්‍ෂණ අනුව කෙනෙක් ලබන මුල් ලිංගික අත්දැකීම නිසා කෙනෙක් සමරිසි වෙන්නෙ න​ෑ.
ඕනෙම කොල්ලෙක් බොහෝවිට තමන් ගෙ මුල්ම ලිංගික අත්දැකීම ලබන්නෙ තවත් කොල්ලෙක් එක්ක​.ඒත් එහෙම උනා කියලා උන් හැමෝම සමරිසි වෙන්නෙ න​ෑ.සමරිසි වෙන්නෙ උපතින්ම අර ජාන සැකැස්ම ලබපු අය විතර යි.අනික් උන් කොච්චර කොල්ලො එක්ක sex කරත් straight තමයි.

ඇත්තටම හුඟ දෙනෙක් තමන්ට අකැමැති දෙයක් සිදු වුනාම අපි නොදැනුවත්වම අපේ යටි හිත එහි වරද බාහිර දෙයක් මත පටවනවා.මනෝ විද්‍යාවේ ඒවා හඳුන්වන්නේ කියල Ego Defense Mechanisms කියලා.
හුඟක් සමරිසි අයටත් මේ දෙය සිදු වෙනවා.ඇත්තම කිව්වොත් තමන් gay වෙනවාද straight වෙනවද කියලා තීරණය කරන්න අපිට අවස්ථාවක් දුන්නොත් හැමෝම වගේ straight වීම තෝර ගනියි.ඒ කියන්නේ තමන් සමරිසි පුද්ගලයෙක් වීම/බහුතර සමාජයෙන් වෙනස් වීම​ බොහෝ දෙනා කැමති දෙයක් නොවේ.
 තමා සමරිසි පුද්ගලයෙක් කියලා තමන්ටම වැටහුනාම ඒක තමන්ට ලොකු පීඩනයක් ගෙන දෙනවා.
ඇත්තෙන්ම අපේ සිතට ලොකු පීඩනයක් ආපුවාම මේ defense mechanisms අපි තුළ නොදැනුවත්ම ක්‍රියාත්මක වෙනවා.උදාහරණයකට අපි විභාගයක් fail වුනා කියලා හිතමු.අපි නොදැනුවත්ම හුඟක් දෙනා එහි වරද තම ගුරුවරුන්ට,යාළුවන්ට ආදී කාට හෝ පවරනවා.ඒ වගේම තමන් සමරිසි කියලා තේරුනාම අපේ යටි සිත විසින් එහි වරද කාට හෝ පවරන්න බලනවා.
හුඟක් අය වරද පටවන්නේ තමන් ගේ ප්‍රථම ලිංගික අත්දැකීමට​.ඒත් පිරිමින් ගෙන් 50%කට පමණ සමලිංගික අත්දැකීම් ඇති බව කියැවෙනවා.ඒත් ඔවුන් සියළු දෙනා gay/සමරිසි වෙන්නේ නෑ.හුඟක් දෙනා තම ප්‍රථම ලිංගික අත්දැකීමට යොමු වන්නේ ස්ව කැමැත්තෙන්.ඒ කියන්නේ ඒ වන විටත් ඔවුන් තුළ සමරිසි ආශාව ගොඩනැගී තිබෙනවා.

හුඟක් කොල්ලන් මුල්ම ලිංගික අත්දැකීම ලබන්නෙ තවත් කොල්ලෙක් එක්කයි.ඒත් එහෙම උනා කියල ඒ හැමෝම සමරිසි වෙනව නම් අද සමාජයේ ඉන්න කොල්ලො හැමෝම වගේ gay වෙන්න ඕනෙ.එහෙම බැලුවොත් හොස්ටල් හිටපු, කැඩෙටින් කරපු ,රගර් ගහපු කොල්ලො ඔක්කොම ගේ වෙන්න ඕනෙ.
මොකෝ මුල්ම සෙක්ස් එක්ස්පීරියන්ස් එක කොල්ලො එක්ක නිසා.
ඒත් එහෙම නෑ කියල හැමෝම දන්නවා.
ඉතාම පොඩි පිරිසයි gay.කොච්චර කොල්ලො එක්ක sex කරත් straight උන් straightමයි.gay උන් gay මයි.

 පොඩි කාලෙ කොල්ලො එක්ක gay sex කරපු බහුතරය ගේ නොවෙන්නත් සුලුතරයක් විතරක් ගේ වෙන්නත් හේතුව මොකක්ද​?
හේතුව තමයි සමරිසි බව sexual experience මත තීරණය නොවීමත් බොහෝවිට ජානමය හා මව් කුසේ සිටියදී කළල අවධියේ ඇතිවන හෝමෝන මත තීරනය වීමත්.


 The Royal College of Psychiatrists stated in 2007:

“ Despite almost a century of psychoanalytic and psychological speculation, there is no substantive evidence to support the suggestion that the nature of parenting or early childhood experiences play any role in the formation of a person's fundamental heterosexual or homosexual orientation. It would appear that sexual orientation is biological in nature, determined by a complex interplay of genetic factors and the early uterine environment. Sexual orientation is therefore not a choice.[4] ”





සමහරු හිතන් ඉන්නව කෙනෙක් පිරිමියෙක් අතින් දූෂණය (Rape)උනොත් එයා gay වෙනවා කියලා.

ඒකත් වැරදි දෙයක් බව scientific research වලින් කියල තියෙනවා.
කෙනෙක් දූෂණය උනොත් ඒකෙන් වෙන වෙන මානසික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් .ඒත් ඒකෙන් කෙනෙක්ගෙ sexual orientation එක වෙනස් වෙන්නෙ න​ෑ.
දූෂණය වෙනවා කියන්නෙ කව් රුත් අකැමැති අප්‍රිය අත්දැකීමක්.එහෙම දෙයක් ලැබුවනම් ඒ දේ තව තවත් එපා වෙනව මිසක් ඒ දේට තව තවත් කැමති වෙන්න විදියක් න​ෑනෙ.
උදාහරණයක් විදියට කෙල්ලෙක් පිරිමියෙක් අතින් දූෂණය උනා කියල හිතමු.ඒ කෙල්ලට පිරිමි ජාතියම එපා වෙනව මිසක් පිරිමින්ට තව තවත් ආස හිතිල කොල්ලො හොය හොයා යන්නෙ න​ෑනෙ.
ඒ වගේ දූෂණය උන කෙල්ලෙකුට තමන් ගෙ සැමියා එක්කවත් ලිංගිකව හොඳින් එක්වෙන්න බැරි වෙනවා කියලා කියවෙනවා. මොකද අර භයානක අප්‍රිය සිද්ධිය මතක් වෙන නිසා.
ඉතින් ඒ වගේම කොල්ලෙක් තව පිරිමියෙක් අතින් දූෂණය උනොත් ඌට ඒක එපා වෙනව මිසක් තව තව කොල්ලන්ට ආස හිතෙන්න විදියක් න​ෑ නෙ.
කොල්ලන්ට ආස හිතෙනව නම් හිතෙන්නෙ තමන් සමරිසි වෙලා ඉපදිලා තියෙන හින්ද මිසක් වෙන දෙයක් හින් ද නෙවෙයි.


මේඇමෙරිකානු ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සභාවේ මතය​.
ඔවුන් කළ පරීක්‍ෂණ හා නිරීක්‍ෂණ මගින් පැහදිලිවම කියනවා
ළමා කාලයේ සිදුවන අතවර​,දෙමාපිය ප්‍රශ්න,ගෘහස්ත ප්‍රචන්ඩත්වය නිසා කෙනෙක් සමරිසි නොවෙන බව​.

 The American Academy of Pediatrics stated in Pediatrics in 2004

 “ Sexual orientation probably is not determined by any one factor but by a combination of genetic, hormonal, and environmental influences. In recent decades, biologically based theories have been favored by experts. Although there continues to be controversy and uncertainty as to the genesis of the variety of human sexual orientations, there is no scientific evidence that abnormal parenting, sexual abuse, or other adverse life events influence sexual orientation. Current knowledge suggests that sexual orientation is usually established during early childhood.[3][143] ”


තව වැරදි මතයක් තමයි සමරිසි බව ඇබ්බැහි වීමක් කියලා හිතාගෙන ඉඳීම​.


සමරිසි බව ඇබ්බැහි වීමක් නොවන බව නවීන විද්‍යාවෙන්  ඔප්පු කරලා තියෙනවා.
Gay sex  වල ඇබ්බැහි වෙන්න තරම් අමුතු රසයක් න​ෑ.Straight sex වලත් Gay sex වලට සාපේක්‍ෂව අමුතු රසයක් නෑ.අපි කැමති sex වර්ගය තීරණය වෙන්නෙ මොළයේ හයිපොතලැමස කියන කොටසින්.ඒ කොටස කළල අවධියේදී රසායනික හේතූන් මත සමරිසි බවට පත් උන අය Gay වෙනවා වගේම අනික් අය Straight වෙනවා.Straight අයට Gay sex පිළිකුල් වගේම Gay අයට straight sex පිළිකුල්.
 ලිපිය කියවන ඔබ straight කෙනෙක් නම් මේ ගැන හිතන්න.ඔබට පිළිකුල්  gay sex කරන්න​ කව්‍ රු හරි ඔබට බල කලොත් ඔබට මොනවා හිතේවිද​?ඒ වගේම තමයි තමන් අකැමති straight sex කරන්න සමරිසි පුද්ගලයෙකුට බල කිරීමත්.



ඒ වගේම වැරදි මත​යක් තමයි පොඩි කාලෙ තාත්තගෙ ප්‍රශ්න නිසා හරි සහෝදරයො නැති නිසා හරි කොල්ලෙක් සමරිසි වෙනවා කියලා.

මේක ඇත්තටම පරණ යුගයේ වැරදි මතයක්.
පස්සෙ කරපු විද්‍යාත්මක පරීක්‍ෂණ වලින් මේ මතය වැරදි බව තහවුරු උනා.

1.මොකද පොඩි කාලෙම තාත්තලා නැතිවෙච්ච ළමයි ගැන බැලුවම එහෙනම් ඒ ඔක්කොම gay වෙන්නෙ ඕනෙ.ඒත් එහෙම වෙන්නෙ න​ෑ.ඔවුන් බහුතරය straight.

2.ඒ වගේම බටහිර රටවල single parent සංකල්පය යටතේ ගැහැණු විවාහ නොවී sperm donation මගින් ළමයි හදනවා.ඒ ළමයින්ට කවදාවත් තාත්තා කෙනෙක් දකින්නවත් වෙන්නෙ න​ෑ.
එහෙනම් ඔවුනුත් හැමෝම gay වෙන්න ඕනෙ.
ඒත් එහෙම න​ෑ. ඔවුන් බහුතරය straight.

3.ඒ වගේම බටහිරි රටවල සමරිසි ජෝඩු අනාථ ළමයි පොඩි කාලෙම ඇරන් හදා ගන්නවා.Lesbian couple හදාගන්න ළමයි කවදාවත් තාත්තා කෙනෙක්වත් වෙන පිරිමියක්වත් වැඩිය​ දකින්න න​ෑ.එහෙනම් ඔවුනුත් හැමෝම gay වෙන්න ඕනෙ.
ඒත් එහෙම න​ෑ. ඔවුන් බහුතරය straight.

4.ඒවගේම විද්‍යාත්මක දත්ත අනුව වැඩිපුර සමරිසි වෙන්න නැඹුරු තාවයක් තියෙන්න සහෝදරයො ඉන්න පවුලක බාලම සහෝදරයට මිසක් සහෝදරියො ගොඩක් ඉන්න පවුලක ඉන්න කොල්ලට නෙවෙයි.
(මේකට විද්‍යාත්මක හේතුව විදියට දැක්වෙන්නෙ පිරිමි ලමයි ගොඩක් බිහි කළාම මවගේ ගර්භාෂයේ ඇතිවන තත්වයක්.)
මේකෙන් පැහැදිළි වෙනව පොඩි කාලෙ පිරිමි ආශ්‍රය අඩු වීම හින් ද කෙනෙක් සමරිසි වෙනවයි කියන මතය වැරදි බව​.


The American Psychological Association, American Psychiatric Association, and National Association of Social Workers stated in 2006:

“ However, the available evidence indicates that the vast majority of lesbian and gay adults were raised by heterosexual parents and the vast majority of children raised by lesbian and gay parents eventually grow up to be heterosexual.[2] ”

තව වැරදි මතයක් තමයි සමරිසි බව මනෝ චිකිතසක ක්‍රම මගින් වෙනස් කරන්න පුළුවන් බව​.


සමරිසි බව වෙනස් කරන්න පුළුවන් කිසිම ක්‍රමයක් න​ෑ කියලා අද ලෝකයේ දියුණුම මනෝ විද්‍යාඥයන් මනෝ වෛද්‍ය වරුන් පවසනවා.සමහර ක්‍රම අතීතයේදී භාවිතා උනත් ඒ ක්‍රම සාර්ථක න​ෑ වගේම හානිදායකයි කියලත් අද වෙනකොට හොයා ගෙන තියෙනවා.

අද​ බටහිර මනෝ විද්‍යාවේ මූලිකම හා  දැනුම පළපුරුද්ද අතින් ඉහලින්ම සිටින ආයතන වන​


ඇමෙරිකානු මනෝ විද්‍යා සංගමය​

රාජකීය විශේෂඥ මනෝ වෛද්‍යවරුන් ගේ ආයතනය​

බ්‍රිතාන්‍ය මනෝ චිකිත්සකයින් ගේ ආයතනය​

බ්‍රිතාන්‍ය මනෝවිද්‍යා සංගමය​

British Association for Counselling and
Psychotherapy

British Psychoanalytic Council

British Psychological Society

Royal College of Psychiatrists

UK Council for Psychotherapy

ආදී ජාත්‍යන්තරව පිළිගත් ආයතන​ සියල්ලගේම ඒකාබද්ධ ප්‍රකාශනයක් තමයි මේ තියෙන්නේ.



https://www.psychotherapy.org.uk/wp-content/uploads/2016/08/ukcp-conversion-therapy.pdf


ඒකෙන් සරලවම කියන්නෙ සමරිසි බව වෙනස් කරන්න ක්‍රමයක් නැති බවත් කලින් පාවිච්චි කරපු ක්‍රම අසාර්ථකයි වගේම හානිදායක බවත්.
 (මෙතනින් වැඩි විස්තර බලන්න​)











අද දියුණු රටවල සමරිසි බව පිළිගෙන තියෙන්නෙ ඒ පිළිබඳ නිවැරදි කරුණු හොයාගෙන අවබෝධ කරගෙන දැනුවත් වෙලා හින්ද​.
ඉතින් ලංකාවෙත් ඒ තත්වය ඇති කර ගන්න ඕනෙ නම් මුලින්ම කරන්න ඕනෙ දේ තමයි නිවැරදි දැනුවත් බව හැමෝටම ලබා දීම​.
ඉතින් සමාජය දැනුවත් කරන්න බැරිනම් මුලින්ම අපේ සමරිසි පිරිස වත් දැනුවත් වෙන්න ඕනෙ,ඒ වගේම දන්නෙ නැති අයට නිවැරදි දේ කියල දීල තමන් ගෙ සමාජය වෙනුවෙන් තමන් අතින් පොඩි හරි යුතුකමක් ඉටු කරන්න ඕනෙ.





එහෙම උනොත් තව පරම්පරා ගාණකින් පස්සෙ හරි ලංකාවෙ සමරිසින්ට අපිට වගේ නැතුව නිදහසේ ඉන්න පුළුවන් වෙයි.




The Science of Gay

8 comments:

  1. Enough!
    Don't promote homosexuality in Sri Lanka.

    ReplyDelete
    Replies
    1. No-one is promoting homosexuality.Actually no-one can promote homosexuality.
      Because homosexuality is not a choice anyone makes.It is determined at birth as the same way as your complexion,intelligence,height etc.

      So Enough !!!
      Please do not promote homophobia.
      Let them live their own life in Sri Lanka.

      Delete
  2. No-one is promoting homosexuality.Actually no-one can promote homosexuality.
    Because homosexuality is not a choice anyone makes.It is determined at birth as the same way as your complexion,intelligence,height etc.

    So Enough.
    Please do not promote homophobia.
    Let them live their own life in Sri Lanka.

    ReplyDelete
  3. Santushb aiye mata oyawa meet wenna one ane mata oyata katha karanna one... mama adarayak nathuwa godak asaranai plzzz mata katha karanna mata oyata kiyanna dewal thiyenawa plzzzz 0713171642 plzzz call me

    ReplyDelete
  4. Oyata hithe thiyena dewal methana comment karanna puluwan.Nattan mata e mail ekak ewanna.

    ආදරයක් න​ෑ කියන එක අසරණ වෙන්න හේතුවක් නෙවෙයි.

    මේ සමාජයේ අපිත් එක්ක අත් නැති,කකුල් නැති,ඇස් පේන්නෙ නැති,කන් ඇහෙන්නෙ නැති,මන් ද බුද්ධික වුනු අය කොච්චර ඉන්නවද​?
    කන්න බොන්න දෙයක් නැතුව කී දෙනෙක් ඉන්නවද​?
    ඒ අතින් අත්,කකුල්,ඇස්,කන් වැඩ කරන අපි කොච්චර වාසනා වන්තද​?

    තමන් ගෙ සතුට තියෙන්නෙ තමන් තුළම මිසක් වෙන කව්‍ රුවත් තුළ නෙවයි.
    මගේ මගේ කියල කව්‍ රු ලන් කර ගත්තත් ඒ කව් රුත් මගේ වෙන්නෙ න​ෑ.
    ඒ හැමෝම දවසක යන්න යනවා.ඒ ඇත්ත අපි තේරුම් ගන්න ඕනෙ.
    ඒක gay උනත් straight උනත් එකයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...