Sunday, March 26, 2017

දකුණු ආසියාතික ලිංගිකත්වය පිලිබඳ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලසන්ත මලවි මහතාගේ විශේෂ හෙළිදරව්ව.

"සමලිංගිකත්වය” සොබාදහමට පැටලුනු තැනක් විය හැකිය. එනමුදු ඔවුන්ට සමාජ සම්මතයෙන් මිදීමට අවකාශයක් නැත.
තමාටත්, පවුලටත් එල්ලවන අවමානයෙන් මිදීමට මොවුන් තම සිතිවිලිවලට විරුද්ධව තීරණ ගන්නවා විය හැකිය. කෙසේ වෙතත් සමලිංගික සැමියෙකුට බිරියක් වන අයගේ ජීවිතයේ ඉතිරිය ලියවෙන්නේ කඳුලෙනි, සුසුමිනි. ඇයගේ අත ගන්නා ඔහු කවරෙක්ද?. ඔහුගේ හදවත සැබවින්ම බැඳෙන්නේ මලක් වෙතද? බඹරෙක් වෙතද?.
දකුණු ආසියාතික ලිංගිකත්වය පිළිබඳව සංගමයේ සභාපති, ලිංගික ගැටළු පිළිබඳව විශේෂඥ වෛද්‍ය ලසන්ත මක්ලවී මහතාගේ විශේෂ පැහැදිලිකිරීම සමලිංගිකත්වය ගැන ඇහෙද්දී දෙගිඩියාවට පත් සිත් වලට අස්වැසිල්ලක් වනු ඇති.




දරුවෙකුගේ ලිංගිකත්වය මවු කුසේදීම තීරණය වේ. ඔහුගේ ලිංගික ආකර්ෂණය කවුරුන් වෙතදැයි ඔහු උපතේදීම ගෙන එයි. බහුතරයකගේ ලිංගික ආකර්ෂණය විරුද්ධ ලින්ගිකත්වයටයි. නමුත් තවත් කොටසක් තමගේම ලිංගිකත්වය තියෙන අයට ආකර්ෂණය වෙනවා. එයට අපි සමලිංගිකත්වය කියනවා.
මේ යටත් සමලිංගික ආශාවන් පිහිටන අයුරු ප්‍රතිෂතමය වශයෙන් වෙනස්වනවා. ඒ අනුව සමහර අයට ආකර්ෂණය 100% පවතිනවා. තවත් අයෙකුට එය 50%කි. තවත් අයෙක් සමලින්ගිකත්වයට 70%ක් ආකර්ෂණය වී 30% විරුද්ධ ලිංගිකත්වයට ආකර්ෂණය වනවා විය හැකිය.
ඒ අනුව සමලින්ගිකත්වය් කියන එක තමාගේ ඇඟේ තියෙන දෙයක් වනවා. නමුත් එය ඔහුගෙන් ප්‍රකාෂවීමට සමාජ සාධක බලපානවා. සමාජය එය හෙලා දකිනවානම් ඔහු සමාජයෙන් තම කැමැත්ත සඟවා තබා ගන්න උත්සහ කරනවා. නමුත් සමාජය සමලිංගිකත්වය පිළිගන්නවානම් ඔහු “මම සමලින්ගිකයෙක්” බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා.






කෙසේ වෙතත් අපේ සමාජයේ සිදුවන්නේ සමලිංගිකත්වය සඟවාගෙන ජීවත්වීමයි.
“මොන තරම් ලස්සන දරුවෙක්ද? මොනවගෙන් අඩුවක්ද? අපිට සැනසිල්ලේ මැරෙන්න පුළුවන් ඔයා බැන්දොත් විතරයි පුතේ”
දෙමව්පියන්ගේ බලවත් පෙරැත්තය නිසා කාන්තාවන් ගැන කිසි හැගීමක් නැති සමලිංගික පිරිමින් විවාහයට හිත එකඟ කරගන්නවා. පසුව මොවුන් පවුල් කන්නේ සමාජයට පෙනෙන්න විතරයි. වෛද්‍ය උපදෙස් පතා මා වෙත එන බොහෝ පවුල් තුල ඇත්තේ විසඳුමක් නැති මහා සංවේදී ගැටළු.
“විවාහ වෙන්න කලින් අතින්වත් අල්ලපු නැති එයා ගොඩක් හොඳ කෙනෙක් කියලයි හිතුවේ. බැන්දට පස්සෙත් එයා මන් ගැන උනන්දුවක් නැහැ. මගේ වරද මොකක්ද කියල එයා මට කියන්නෙත් නැහැ.”


“මගේ වයිෆ්ගේ කිසි වරදක් නැහැ. මට කවදාවත් කාන්තාවන් ගැන හැගීමක් උපදවාගන්න බැහැ. මන් හිතුවේ බැන්දට පස්සේ හරියයි කියලා. එත් මට මැරුවත් කෙල්ලෙක් ගැන අසාවක්, උනන්දුවක් අතිවෙන් නැහැ.
ඇත්තෙන්ම ඔවුන්ට විසඳුමක් නැහැ.ඒ ඔහු පිරිමින්ට 100% ආශාවක් නටති සමලින්ගිකයෙකු නිසයි. ඒ අතර පිරිමින් සමග සමලිංගික සේවනයේ යෙදෙමින් බිරිඳ සමග සාමාන්‍ය ජීවිත ගතකරන අයද සිටිනවා. ඔවුන් පිරිමින් කෙරෙහි වැඩි ආකර්ෂණයක් ඇති සමලින්ගිකයන්ය.
“එයාට පිරිමි යහළුවන් එක්ක නරක ආශ්‍රයක් තියෙන බව දැනගත්තේ බබා ලැබෙන්න ඉන්නකොට. එයා බබාට පන වගේ ආදරෙයි. මටත් හැම යුතුකමක්ම ඉටුකනවා. එත් දැන් මට එයා ගැන තියෙන්නේ පිළිකුලක් විතරයි.”
මෙලෙස සමලිංගික සැමියන් නිසා අහින්සක යුවතියන්ගේ ජීවිත අන්දුරුවීම ඛේදවාචකයක්. ඒ ඛේදවාචකයට ඇද නොවැටීමටනම් තරුණියන් විවාහය ගැන තීරණ ගැනීමේදී කල්පනාකාරී වියයුතුය. මේ කාර්ය යෝජනාවකින් තීරණය වී පෝරුව මත හමුවන විවාහයකදී අසීරුයි. අපේ තරුණියන්ට අපේ සංස්කෘති රාමුවෙන් පිට පනින්න බැහැ. එහෙත් විවාහයට පෙර සීමා මායිම් තබාගෙන කරන ආශ්‍රය මගින් තමාගේ අනාගත සැමියාගේ වැඩි ආකර්ෂණය පිරිමින්ටද? නැතිනම් ගැහැනුන් කෙරේද යන්න දැනගැනීමට ඉවහල් වේ. එහිදී ඔහුගේ කතාබහ, සිනහව, බැල්ම ඉරියව් ගැන සැලකිලිමත් විය යුතුය.



උපුටා ගැනීම : තරුණි පුවත්පත.
 දකුණු ආසියාතික ලිංගිකත්වය පිලිබඳ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලසන්ත මලවි මහතා
Related Posts Plugin for WordPress, Blogger...