Wednesday, July 11, 2012

වරද කාගෙද​...

ඇත්තටම හුඟ දෙනෙක් තමන්ට අකැමැති දෙයක් සිදු වුනාම අපි නොදැනුවත්වම අපේ යටි හිත එහි වරද බාහිර දෙයක් මත පටවනවා.මනෝ විද්‍යාවේ ඒවා හඳුන්වන්නේ කියල Ego Defense Mechanisms කියලා.

හුඟක් සමරිසි අයටත් මේ දෙය සිදු වෙනවා.
ඇත්තම කිව්වොත් තමන් gay වෙනවාද straight වෙනවද කියලා තීරණය කරන්න අපිට අවස්ථාවක් දුන්නොත් හැමෝම වගේ straight වීම තෝර ගනියි.ඒ කියන්නේ තමන් සමරිසි පුද්ගලයෙක් වීම/බහුතර සමාජයෙන් වෙනස් වීම​ බොහෝ දෙනා කැමති දෙයක් නොවේ.


තමා සමරිසි පුද්ගලයෙක් කියලා තමන්ටම වැටහුනාම ඒක තමන්ට ලොකු පීඩනයක් ගෙන දෙනවා.
ඇත්තෙන්ම අපේ සිතට ලොකු පීඩනයක් ආපුවාම මේ defense mechanisms අපි තුළ නොදැනුවත්ම ක්‍රියාත්මක වෙනවා.උදාහරණයකට අපි විභාගයක් වුනා කියලා හිතමු.අපි නොදැනුවත්ම හුඟක් දෙනා එහි වරද තම ගුරුවරුන්ට,යාළුවන්ට ආදී කාට හෝ පවරනවා.
ඒ වගේම තමන් සමරිසි කියලා තේරුනාම අපේ යටි සිත විසින් එහි වරද කාට හෝ පවරන්න බලනවා.
හුඟක් අය වරද පටවන්නේ තමන් ගේ ප්‍රථම ලිංගික අත්දැකීමට​.
ඒත් පිරිමින් ගෙන් 50%කට පමණ සමලිංගික අත්දැකීම් ඇති බව කියැවෙනවා.ඒත් ඔවුන් සියළු දෙනා gay/සමරිසි වෙන්නේ නෑ.
හුඟක් දෙනා තම ප්‍රථම ලිංගික අත්දැකීමට යොමු වන්නේ ස්ව කැමැත්තෙන්.ඒ කියන්නේ ඒ වන විටත් ඔවුන් තුළ සමරිසි ආශාව ගොඩනැගී තිබෙනවා.
මට එක යාළුවෙක් මතක් වෙනවා.ඔහු නිතරම චෝදනා කරන්නේ අයියා කෙනෙක් තමා සමරිසි කළ බවයි.ඒ පොදු වැසිකිළියක ඔහු සමඟ ලිංගිකව හැසිරීමෙන්.නමුත් ඔහු ඒ පුද්ගලයා සමඟ ගොස් ඇත්තේ සිය කැමැත්තෙන්.දෙනෝ දහක් ගැවසෙන පොදු වැසිකිළියක හොර රහසේ ලිංගිකව හැසිරීමට ඔහු සිය පූර්ණ සහයෝගයත් ලබා දී තිබෙනවා.
නමුත් අද ඔහුගේ යටි සිත එය අර්ථ දක්වන්නේ ඔහු තමාව දූෂණය කළ නිසා තමා සමරිසි වූ බව​.
මෙය මනෝ විද්‍යාවේ දැක්වෙන rationalizationනම්  Coping mechanism එක​.
බොහෝ දෙනා සමාජයට​,මානසික උපදේශකයන්ට​,වෛද්‍යවරුන්ට පවසන්නේ තම යටි සිත විසින් මවා දෙන මෙවන් කතා.

(Read more on ego defense mechanisms
http://allpsych.com/psychology101/defenses.html
http://www.simplypsychology.org/defense-mechanisms.html
http://en.wikipedia.org/wiki/Defence_mechanism)

එනිසාම මුළු සමාජයේම මුල් බැස ගෙන ඇත්තේ සමරිසි බව යනු යම් සිද්ධියක් නිසා ඇති වූ මානසික රෝගයක්/විකුර්ති භාවයක් කියලයි.
ඒත් එය බොරුවක් බව අද විද්‍යාවෙන් සොයා ගෙන තිබෙනවා.
එය බොහෝ දුරට ජීව විද්‍යාත්මක සාධක මත තීරණය වන්නක්.ඉතා කුඩා කාලයේදීම තම ලිංගිකත්වය/sexual orientation තීරණය වන අතර ඊට අදාළ හැඟීම්ද කුඩා කල සිටම පහළ වෙනවා.
සමීක්‍ෂන වලින් සොයා ගෙන තිබෙනවා යමෙක් දූෂණය වූ නිසා sexual orientation වෙනස් නොවන බව​.දූෂණය සහ ළමා අපචාර නිසා වෙනත් මානසික සහ කායික ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.එනිසා ඒවා දැඩි ලෙස හෙළා දැකිය යුතුයි.
නමුත් එනිසා සමරිසි බව ඇති වේ යැයි කියන මතය දැන්වත් වෙනස් විය යුතුයි.

මෙය කියවන සමහරුන් ගේ coping mechanisms මේ නිසා බිඳ වැටී යාම සමහර විට දරා ගැනීමට ඔවුන්ට අපහසු වෙන්න පුළුවන්.එය මනසේ ස්වභාවය​. නමුත් අපි වත් ඇත්ත වටහා නොගෙන බොරු මතවල එල්ලී සිටිය හොත් කිසිම දිනයක වෙනසක් ගැන සිතිය වත් නොහැකියි.ඉන්  කිසිවෙකුට ඇති වන යහපතක් නම් නෑ.

එයට ඉතා හොඳ උදාහරණයක් මව් බිම පුවත් පතේ පළවූ මෙම ලිපිය​.





එයට පිළිතුරු සපයන වෛද්‍ය වරයෙක් කියා ගන්නා මේ පුද්ගලයා දෙන පිලිතුරුද මනෝ වෛද්‍ය විද්‍යාවට පටහැනියි.
සමහර විට එය ඔහු ඉගෙන ගන්නා කාලයේ තිබූ මතය විය හැකියි.ඔහු මානසික විශේෂඥයකු ලෙස පෙනී සිටීමට උත්සාහ දැරූවද ඔහු එසේ නොවන බව හොඳින්ම පැහැදිළියි.ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර් ය කොල්වින් ගුණරත්න මහතා සමරිසි බව ගැන දැක්වූ මේ නිවැරදි  අදහස් වලින් ඒ බව පැහැදිළි වෙනවා. Link

 වැඩි විස්තර​

 1-කෙනෙක් සමරිසි වෙන්නෙ ඇයි ? Causes for Homosexuality

2- සමරිසි බව වෙනස් කරන්න පුළුවන් ද​? Can homosexuality be changed?

 3- පුතා මේ උවදුරෙන් බේරාගන්නේ කෙසේද?

The Science of Gay

2 comments:

  1. හුඟ දෙනෙක් තමන්ගේ සිතේ යථාර්තය පිළිගන්න සූදානම් නැහැ.හුගක් සමරිසි පිරිමින්ට වෙලා තියෙන්නේ ඒකයි. ඒකයි මෙහෙම දේවල් වෙන්නේ.
    word verification අයින් කරනවා නම් හොඳයි.comment කරන්න ලේසියි එතකොට.

    ReplyDelete
  2. Thanx for the suggestion dude.Onna mama word verification ain kala....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...