Sunday, March 26, 2017

දකුණු ආසියාතික ලිංගිකත්වය පිලිබඳ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලසන්ත මලවි මහතාගේ විශේෂ හෙළිදරව්ව.

"සමලිංගිකත්වය” සොබාදහමට පැටලුනු තැනක් විය හැකිය. එනමුදු ඔවුන්ට සමාජ සම්මතයෙන් මිදීමට අවකාශයක් නැත.
තමාටත්, පවුලටත් එල්ලවන අවමානයෙන් මිදීමට මොවුන් තම සිතිවිලිවලට විරුද්ධව තීරණ ගන්නවා විය හැකිය. කෙසේ වෙතත් සමලිංගික සැමියෙකුට බිරියක් වන අයගේ ජීවිතයේ ඉතිරිය ලියවෙන්නේ කඳුලෙනි, සුසුමිනි. ඇයගේ අත ගන්නා ඔහු කවරෙක්ද?. ඔහුගේ හදවත සැබවින්ම බැඳෙන්නේ මලක් වෙතද? බඹරෙක් වෙතද?.
දකුණු ආසියාතික ලිංගිකත්වය පිළිබඳව සංගමයේ සභාපති, ලිංගික ගැටළු පිළිබඳව විශේෂඥ වෛද්‍ය ලසන්ත මක්ලවී මහතාගේ විශේෂ පැහැදිලිකිරීම සමලිංගිකත්වය ගැන ඇහෙද්දී දෙගිඩියාවට පත් සිත් වලට අස්වැසිල්ලක් වනු ඇති.




දරුවෙකුගේ ලිංගිකත්වය මවු කුසේදීම තීරණය වේ. ඔහුගේ ලිංගික ආකර්ෂණය කවුරුන් වෙතදැයි ඔහු උපතේදීම ගෙන එයි. බහුතරයකගේ ලිංගික ආකර්ෂණය විරුද්ධ ලින්ගිකත්වයටයි. නමුත් තවත් කොටසක් තමගේම ලිංගිකත්වය තියෙන අයට ආකර්ෂණය වෙනවා. එයට අපි සමලිංගිකත්වය කියනවා.
මේ යටත් සමලිංගික ආශාවන් පිහිටන අයුරු ප්‍රතිෂතමය වශයෙන් වෙනස්වනවා. ඒ අනුව සමහර අයට ආකර්ෂණය 100% පවතිනවා. තවත් අයෙකුට එය 50%කි. තවත් අයෙක් සමලින්ගිකත්වයට 70%ක් ආකර්ෂණය වී 30% විරුද්ධ ලිංගිකත්වයට ආකර්ෂණය වනවා විය හැකිය.
ඒ අනුව සමලින්ගිකත්වය් කියන එක තමාගේ ඇඟේ තියෙන දෙයක් වනවා. නමුත් එය ඔහුගෙන් ප්‍රකාෂවීමට සමාජ සාධක බලපානවා. සමාජය එය හෙලා දකිනවානම් ඔහු සමාජයෙන් තම කැමැත්ත සඟවා තබා ගන්න උත්සහ කරනවා. නමුත් සමාජය සමලිංගිකත්වය පිළිගන්නවානම් ඔහු “මම සමලින්ගිකයෙක්” බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා.






කෙසේ වෙතත් අපේ සමාජයේ සිදුවන්නේ සමලිංගිකත්වය සඟවාගෙන ජීවත්වීමයි.
“මොන තරම් ලස්සන දරුවෙක්ද? මොනවගෙන් අඩුවක්ද? අපිට සැනසිල්ලේ මැරෙන්න පුළුවන් ඔයා බැන්දොත් විතරයි පුතේ”
දෙමව්පියන්ගේ බලවත් පෙරැත්තය නිසා කාන්තාවන් ගැන කිසි හැගීමක් නැති සමලිංගික පිරිමින් විවාහයට හිත එකඟ කරගන්නවා. පසුව මොවුන් පවුල් කන්නේ සමාජයට පෙනෙන්න විතරයි. වෛද්‍ය උපදෙස් පතා මා වෙත එන බොහෝ පවුල් තුල ඇත්තේ විසඳුමක් නැති මහා සංවේදී ගැටළු.
“විවාහ වෙන්න කලින් අතින්වත් අල්ලපු නැති එයා ගොඩක් හොඳ කෙනෙක් කියලයි හිතුවේ. බැන්දට පස්සෙත් එයා මන් ගැන උනන්දුවක් නැහැ. මගේ වරද මොකක්ද කියල එයා මට කියන්නෙත් නැහැ.”


“මගේ වයිෆ්ගේ කිසි වරදක් නැහැ. මට කවදාවත් කාන්තාවන් ගැන හැගීමක් උපදවාගන්න බැහැ. මන් හිතුවේ බැන්දට පස්සේ හරියයි කියලා. එත් මට මැරුවත් කෙල්ලෙක් ගැන අසාවක්, උනන්දුවක් අතිවෙන් නැහැ.
ඇත්තෙන්ම ඔවුන්ට විසඳුමක් නැහැ.ඒ ඔහු පිරිමින්ට 100% ආශාවක් නටති සමලින්ගිකයෙකු නිසයි. ඒ අතර පිරිමින් සමග සමලිංගික සේවනයේ යෙදෙමින් බිරිඳ සමග සාමාන්‍ය ජීවිත ගතකරන අයද සිටිනවා. ඔවුන් පිරිමින් කෙරෙහි වැඩි ආකර්ෂණයක් ඇති සමලින්ගිකයන්ය.
“එයාට පිරිමි යහළුවන් එක්ක නරක ආශ්‍රයක් තියෙන බව දැනගත්තේ බබා ලැබෙන්න ඉන්නකොට. එයා බබාට පන වගේ ආදරෙයි. මටත් හැම යුතුකමක්ම ඉටුකනවා. එත් දැන් මට එයා ගැන තියෙන්නේ පිළිකුලක් විතරයි.”
මෙලෙස සමලිංගික සැමියන් නිසා අහින්සක යුවතියන්ගේ ජීවිත අන්දුරුවීම ඛේදවාචකයක්. ඒ ඛේදවාචකයට ඇද නොවැටීමටනම් තරුණියන් විවාහය ගැන තීරණ ගැනීමේදී කල්පනාකාරී වියයුතුය. මේ කාර්ය යෝජනාවකින් තීරණය වී පෝරුව මත හමුවන විවාහයකදී අසීරුයි. අපේ තරුණියන්ට අපේ සංස්කෘති රාමුවෙන් පිට පනින්න බැහැ. එහෙත් විවාහයට පෙර සීමා මායිම් තබාගෙන කරන ආශ්‍රය මගින් තමාගේ අනාගත සැමියාගේ වැඩි ආකර්ෂණය පිරිමින්ටද? නැතිනම් ගැහැනුන් කෙරේද යන්න දැනගැනීමට ඉවහල් වේ. එහිදී ඔහුගේ කතාබහ, සිනහව, බැල්ම ඉරියව් ගැන සැලකිලිමත් විය යුතුය.



උපුටා ගැනීම : තරුණි පුවත්පත.
 දකුණු ආසියාතික ලිංගිකත්වය පිලිබඳ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලසන්ත මලවි මහතා

Saturday, February 4, 2017

අපේ සංස්කෘතිය හා සමරිසි බව​ Homosexuality and Sri Lankan Culture

අද  නිදහස් දිනේ ඉංග්‍රීසීන් ගෙන් නිදහස් වීම ගැන ලොකුවට කතා කළාට අපි ඇත්තටම ඉංග්‍රීසීන් ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලාද ? කොහෙත්ම න​ෑ.
එංගලන්තයත් බොහෝ කාලයකට කලින්ම වික්ටෝරියානු යටත් විජිත නීති වෙනස් කර ගත්තත් තාම අපි ඒ ගැන හිතලවත් නෑ විතරක් නෙවෙයි, හුඟක් අය හිතන්නෙ ඒව තමයි අපේ දේ කියලා.




අද ලෝකයම නවීන විද්‍යාවට අනුව පිළිගන්නවා සමරිසි බව කියන්නේ ස්වභාවිකව සමහරුන්ට පිහිටන දෙයක්,ඒක ලෙඩක් වත්,මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර වලින් වෙනස් කරන්න පුලුවන් දේකුත් නෙවෙයි කියලා.
ඒත් ලංකාව තවම ඉන්නෙ 18 වන සියවසේ  ඉංග්‍රීසී  වික්ටෝරියානු යටත් විජිත මතයේ.
හුඟක් අයට ඒක තමයි සිංහල බෞද්ධ මතය​.ඒකෙනම පේනවා අපි කොච්චර යටත් මානසිකත් වයෙන් පෙලෙනවද කියලා.







ක්‍රිස්තියානි හා ඉස්ලාම් මතවලට අනුව සමරිසි බව වරදක්.
ඒත් හින් දු සහ බෞද්ධ මත ඒ වගේ න​ෑ.
ස්වභාවික දෙයක් වෙච්ච සමරිසි බව දිහා ඒ ආගම් දෙකම බැලුවේ හරිම මානුශීයව​.

බුදු දහමෙ විදියට ගිහියන්ට සමරිසි බව තහනම් කරල න​ෑ.
සමහර අය තුන් වෙනි සිල් පදය ඇතුළට සමරිසි බව දාන්න හැදුවට තුන් වෙනි සිල් පදය විස්තර වෙන කිසිම තැනක සමරිසි බව ගැන කතා කරල න​ෑ.
තුන් වැනි සිල් පදයෙන් කියන්නෙ තමන්ට අයිති නැති කෙනෙක් සමග ලිංගිකව හැසිරීමෙන් වළකින ලෙසයි.අපි ඉංග්‍රීසී  වික්ටෝරියානු යටත් විජිත මතය මේකට ඔබ්බවන්න හැදුවට සිල් පදය විස්තර වෙන අටුවා කතා බැලුවම ඒක එහෙම නෙවෙයි කියලා හොඳට පේනවා.එක් කතාවක හොඳටම තුන් වෙනි සිල් පදය රැක්ක කාන්තාවක් විදියට දැක්වෙන්නේ ගණිකාවක්.
ඇය තමන්ට ලැබුනු මුදලට අනුව එක් පිරිමියෙකුට ලැබෙන කාල සීමාව තුල වෙන් පිරිමින් පතන්නේ න​ෑ.ඒ වගේම බුදු දහමේ ශක්‍ර දෙවියන් බවට පත්වූ පන්සිල් රැකි මඝ මානවකයාට බිරියන් හතර දෙනක් සිටියා.
ඉංග්‍රීසී  වික්ටෝරියානු යටත් විජිත මතයට අනුව නම් මේ දෙන්නාම හිරේ තමයි.
ඒක නිසා තම තමන්  ගේ යටත් විජිත මත තුද්න් වෙනි සිල් පදයට ඔබ්බවන්න බෑ.
කෙනෙක් කියන්න පුළුවන් බුදු දහමේ සමරිසි බව ගැන කිසිම සඳහනක් නෑ කියලා.ඒත් ඒක වැරදියි.
විනය පිටකයේ පාරාජිකා පාළියේ පැහැදිළිවම භික්‍ෂූන්ට විශම ලිංගික වගේම සමලිංගික හැසිරීමුත් තහනම් කරල තියෙනවා.
ඒ වගේම බුදුන් වහන්සේගේ රූපයට වශී වී ආශා කල වක්කලී හාමුදුරුවො පස්සෙ සියලු කෙලෙස් නසාරහත් වෙනවා.ඒ වගේම කච්චායන තෙරුන් ගෙ සිරුර දැකලා රාගයෙන් අශා කළ සෝරෙයිය සිටුවරයා ගැනත් කියවෙනවා.
ඒ වගේම ජාතක කතාවලත් මේ වගේ සබඳතා ගැන කියවෙනවා.උදාහරණ විදියට කොසොල් රජුගේ ඇමති වරු දෙදෙනෙක් අතර තිබූ සබඳතාව වගේම​
වනයේ විසූ තව්සෙක් හා නා රජෙක් අතර තිබූ සබඳතාව දක්වන්න පුළුවන්.
බුදු හාමුදුරුවො මේ අයව හිරේ දාන්න කියලා කොසොල් රජතුමාට කිව්වෙවත්,
ජීවක වෛද්‍යතුමා ලඟට යවලා බේත් කරවන්න කිව්වෙවත් න​ෑ.
උන් වහන්සෙ මේ අයව දැක්කෙ සංසාරයේම එක ස්වභාවයක් විදියටයි.

ඒ වගේම හින් දු ආගමෙත් සමරිසි බව තහනම් කරලවත් දඬුවම් ලැබිය හැකි වරදක් කරලවත් න​ෑ.
හින් දු දේව කතාවලට අනුව අයියනායක දෙවියන් හෙවත් අයියප්පන් උපදින්නේ ශිව දෙවියන් හා විෂ්නු දෙවියන් අතර ඇතිවන ලිංගික සංසර්ගයෙන්.
ඒ වගේම කතරගම දෙවියන් ගේ උපත ගැන කියවෙන සමහර කතාවලත් ශිව දෙවියන් ගේ හා අග් නි දෙවියන් ගේ සබඳතාව ගැන කියවෙනවා.
ඒ වගේම ගංගා නදිය පොළවට ගෙන ආවා සේ සැළකෙන භගීරථ රජතුමා රැජිනියන් දෙදෙනෙක් අතර වූ සංසර්ගයක් නිසා ඉපදුණු පුද්ගලයෙක් විදියටයි සැළකෙන්නේ.

යුරෝපීය යටත් විජිත වෙන්න කලින් කිසිම හින්දු හරි බෞද්ධ හරි රටක සමරිසි බවට විරුද්ධව නීති තිබ්බෙ න​ෑ.යටත් විජිත බවට පත් නොවුනු රටවල් වල අදටත් සමරිසි බවට එරෙහිව නීති න​ෑ.
යටත් විජිත උනු රටවල් වලට ඒ නීති පැනෙව්වේ ඒ යුරෝපීය ආක්‍රමණිකයො විසින්.
විද්‍යාව දියුණු නොවූ ඒ කාලෙ විදියට ඒක අස්වාභාවික මානසික ලෙඩක්.
ඒත් විද්‍යාවේ දියුණුවත් එක්ක ඇත්ත දැන ගත්තම හැම යුරෝපීය රටක්ම තමන් ගෙ යල් පැන ගිය නීති වෙනස් කර ගත්තා.ඒත් උන් දීල ගිය යල් පැන ගිය නීති අල්ලගෙන තාම නොදියුණු යටත් විජිත ටික මේක අපේ සංස්කෘතිය කිය කිය පුරාජේරු දොඩවනවා.



“සමලිංගික පව කෝට්ටේ රාජධානිය පුරා පැතිර ඇති අතර, මෙහි ජීවත් වීම ගැන අපට දැනෙන්නේ බයකි. රාජධානියේ වෙසෙන වැදගත් නායකයෙක් වෙත ගොස් මෙවැනි කැත ක්‍රියාවක් ගැන ලැජ්ජා නොවන්නේ දැයි ඇසූ කල, ඔහු පිළිතරු දෙන්නේ, රජ විසින් යමක් කරන්නේ නම් එය අපේ චාරිත්‍රය වෙන බවයි (1547 නොවැ 27, පෘතුගීසින් විසින් ඉන්දියාවේ සිටි ඩී ජොවාවෝ ද කැස්ත්‍රෝ පෘතුගීසි උප-පාලකයාට)
—————————————————————————————–
“රජතුමාගේ බොහෝ සේවකයන් වූයේ තරුණ පිරිමින්ය. හොඳ පවුල්වලින් එන කඩවසම් අයය. දිසාවේලා හෝ රටේ මහත්තුරු හරහා එවැනි කොලු ගැටව් තෝරා ගැනෙන අතර යහපත් පෙනුමැති, හොඳ පවුල් පසුබිමක් අය තෝරා මාළිගාවට එවේ.  රජුට සමලිංගික හැසිරිම සම්බන්ධයෙන් වරදක් නොදැනුනු අතර, ඔවුන් අතර එවැනි පවක් ගැන කතා වෙනු ද මම කිසිම දිනක නොඇසුවෙමි.”
රොබට් නොක්ස්. 1681






 References

https://en.wikipedia.org/wiki/Buddhism_and_sexual_orientation
https://en.wikipedia.org/wiki/LGBT_themes_in_Hindu_mythology
 http://transyl2014.blogspot.ca/2017/01/blog-post_55.html
https://www.facebook.com/Living365.LK/
Related Posts Plugin for WordPress, Blogger...