Monday, January 2, 2012

ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී....from Wickrame

ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැදි කාරණේ මා
තවම සොයන්නෙමී...

කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස 
ඒ වගෙයි මනරම්
කරනුබැරි තහනම්

සදට සදහට සෙනෙහෙ පෑමුත් 
උදුල තරු කැටයම්
හිරුටපෙම් බැදි එකම තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුමවෙයි නුඹ නම්

මේ මුලු ලෝකයම සුවද කරන්නට ගස් වල මල් පිපෙන්නේ ඇයි කියල මට තාමත් තේරෙන්නෑ.. ඒ ගස් වලින් දෝරෙ ගලන මල් සුවද වගේම සුවදට.. (සමහරවිට ඒ සුවද ඊටත් වඩා වෙන්නැති ) මගේ සිතේ විකසිත වෙන මල් සුවද .. සුවදක් වෙන්නෙ ඇයි කියල මම දන්නෑ... ඒ මල් පිපෙන්නෙ ඇයි කියල දන්නෑ වගේම ඔබ වෙනුවෙන් මගෙ හිත ඇදුනෙ ඇයි කියලත් මම දන්නෑ...

කරුනාරත්න දිවිල්ගනේ ශිල්පියා ගායනා කරන මේ ගීතය මා රසවිදි ගීත වලින් ඉතාම රසවත් ගීතයක් ලෙස දක්වන්න පුලුවන්. ගීතය තුල මුල් බැසගත් සැබෑ අර්තය කෙලින්ම ශ්‍රවකයා වෙත නොදෙමින්.. ශ්‍රාවකයාගේ චින්තනයට එය තේරුම්ගැනීමට අවස්තාවක් ලබාදීමට මෙහි ගීත රචකයා උත්සුක වී ඇත. සැබෑවටම සමලිංගික ආදරයක් ගැන කියවෙන මෙම ගීතය යමුනා මාලනී පෙරේරා මහත්මිය රචනා කර ඇත.

"කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන් "



සොභාවධර්මයට අනුව කාන්තරයේ සුන්දරත්වය වන්නේ සූර්ය රශ්මියයි.. කතර කතරක් වනුයේ සූර්ය රශ්මිය නිසාවෙනි.. ලෝක ධර්මයට අනුව කතර හිරුට පෙම්බැද සිටියත්... සූර්ය රශ්මියෙන් දැවෙන කතරට වර්ශාවටද ආදරය කල හැකි බව මෙහි කියවේ. අපූරු උපමා යොදාගනිමින් යමුනා ඉතාම සංයමයෙන් සමලින්ගික ප්‍රේමයක පැටලුනු අයෙකුගේ සිතුවිල්ලක් මෙහි කියා පායි.. එනම් ලෝක ධර්මතාවයට අනුව ගැහැණියක් හා පිරිමියෙක් අන්‍යයෝන්‍ය වශයෙන් ආලය කිරීම සිදුවූවත් විශම ලිංගිකත්වයෙන් ඔබ්බට ගොස් සමලිංගිකයන් කෙරේත් ආදරය නම් හැගීම ඇතිවිය හැකි බව.මෙම පදපෙල අවසානයේ යමුනා යොදා ඇති "ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්.. කරනු බැහැ තහනම්.." පදපෙලින් සමලිංගික ආදරය ස්ම්මතයෙන් ඔබ්බට ගොස් අසම්මතයේ ක්‍රියාවක් බැවින් මෙකී සෙනෙහස ලොවෙන් සගවනා සෙනෙහසක් බවත් කිසිවෙකුට ඒ හැගීම යටපත් කරන්නට බැරි බවත් කියයි... 

"සදට සදහට සෙනෙහෙ පෑමුත් 
උදුල තරු කැටයම්
හිරුටපෙම් බැදි එකම තරුවක්
 සිටිය නොහැකිද යම් "

මෙම පැදි පෙල තුලිනුත් යමුනා මාලනී තම විශිශ්ට භාවයන් මතුකරමින් ගීතයේ රසය උද්දීපනය කරමින් තවත් උපමා යොදාගනිමින් මෙකී ගීතය රසවත් කරයි "සදට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම්..." සද , තරු දෙකම අයිති රාත්‍රී අහසට්ව් වෙයි.මෙහිදී මතුකරනුයේ ලෝක සම්මතයයි..එහිදී සද වෙත තරුවකට පෙම් කිරීමට හැකිය..එසේම මෙම තරු අතර පෙර කී සම්මතයට පිටුපාමින් දිවා අහසේ විස්කම්පාන හිරුට පෙම්බදිනා  තාරකාවක්ද සිටිය නොහැකිද යනුවෙන් ප්‍රශ්නකරමින් අපූරුවට ගීතයේ අදහස ඉදිරිපත් කර ඇත..

 රසවින්දනය කරන්නෙක්ට ඉතාම රසවත් ගීතයක් තිලින කිරීමට යමුනා මාලනී පෙරේරා තම හැකියාව මනාව ප්‍රයෝජනයට ගෙන රචනා කර ඇති මෙම ගීතය ගුණදාස කපුගේ ශූරීන්ගේ මියුරු ස්වරයෙන් හැඩවි කරුනාරත්නයන් ගයන විට ඉතාම ආනන්දජනකවේ. රැප්, හිපොප් කාරයන්ගේ චොකා බයිලා වලට වඩා ශ්‍රී ලාංකීය ස්භාවිත ගීතයේ වෙනස වන්නේද එයයි.. භාශාව, රසය, සංගීතය, හා ශ්‍රී ලාංකීය ලෙයට කාවදින රස ඇතුලත් ස්භාවිත ගීතය ශ්‍රාවකයා ආනන්දයෙන් ප්‍රඥාවට ලගාකරන බව අවසානයේ මා කීමට කැමතිය.
Related Posts Plugin for WordPress, Blogger...