Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Monday, December 2, 2013

රැයේ පෙම්වත​...



දුටුයෙම් ඔය රළු අත ගෙන
ඇවිදිනයුරු උණුසුම් උදයේ
විඳිමින් සිසිල් සුසුමන්
කිමිදෙමින්  නැවුම් රස සයුරේ
බලමින් දේදුනු දිදුලනයුරු


පවසන්නට සියලු දේ
සිතුයෙම් උඹට මා
තෙපුලා එරහස්
තබා සිටි තෙරපා හද තුල
සඟවමින් මුළු ලොවෙන්
උඹ නොවෙද මා සුහද සැමදා

නමුදු
ගතවුනි  එරැය උනුසුම් සුසුමන් අතර​
 විඳිමින් මිහිරිම සිහින
ගියේ ගලා සියළු රස දහරා
වෙලමින් උනුසුම් ගත​

ගියමුදු මා හද සිඹ
නොදිටිමි ඔය ඇස් නැවත​
දුටුවද ඔබ සළකුණු නිතර මුහුණු පොත මත
ඔබම විය මා නවතම රහස​...

Santush

Sunday, October 13, 2013

සමකාමී...By Isuru Chamara Somaweera



Original Link - http://kirikawadi.blogspot.com/search?updated-min=2009-01-01T00:00:00-08:00&updated-max=2010-01-01T00:00:00-08:00&max-results=50

Monday, August 27, 2012

එනිසා ...

මිය නොයමි මම​
ජීවිතය තව දුර නිසා...

සතුට නොසොයමි
එය මට තහනම් නිසා...

නොහඬමි
හඬන්නට කඳුලැල් නැති නිසා...

විඳවන්නෙමි තවම​
විඳින්නට කිසිවක් නැති නිසා...

ඝනදුරට පෙම් බඳිමි
ආලෝකය නොඑන නිසා...

හිත හදා ගමි මම​
ලොව සියල්ල අනියත නිසා...

යළි ආදරය නොසොයමි
මට කිසිවෙක් ආදරය නොකළ නිසා...

(කතෘ අවිනිශ්චිතයි)

ඔබටත් කෙදිනක හෝ මෙසේ සිතුනිද​?



Related Posts Plugin for WordPress, Blogger...