Saturday, October 29, 2016

ආප්ප ගැසීම සහ කොල්ලන් වැදීම By Ramesha , http://magejointeka.blogspot.com/

 
 
 
සමලිංගිකත්වය යනු කුමක්ද? එක සමාන ලිංගිකත්වය ඇති දෙදෙනෙක් අතර ඇතිවන සම්බන්දකම සරලව සමලිංගිකත්වය කියල නිර්වචනය කරන්න පුළුවන්.අපිට මුල ඉදන්ම මේ සමාජේ සංස්කෘතිය විසින් කියල  තියන මේක හරි , මේක වැරදි කියන ඉගැන්වීමේ වැරදි කියන තැනට සමලිංගිකත්වය අයිති වෙනවා. අපි ආකර්ෂණය විය යුත්තේ විරුද්ද ලිංගිකයන්ට පමණයි කියන හැදෑරීම අපේ සංස්කෘතිය විසින් අපේ ඔලු වලට කාවද්දනවා. සමලිංගිකත්වය දණ්ඩ නීති සංග්‍රය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස සටහන් වෙන අතර සමලිංගික විවාහ නීතියෙන් තහනම් කරනු ලබනවා. කොල්ලෝ ගැසීම,ආප්ප ගැසීම යන නම් වලින් සමලිංගිකත්වය සමාජයේ නිර්වචනය වෙද්දී  පොන්නයන් සහ කොලු ගැණු එහෙමත් නැත්තන් ආප්ප කැලි නමින් සමලිංගිකයන් නිර්වචනය කරන්නට විය .gay සහ lesbian යන නමින් හදුන්වන එම සමාන ලිංගිකයින් විෂම ලිංගිකයින්ගෙන් වෙනස් කර සමාජය විසින් හදුන්වයි. මම කතා කරන්නේ ලංකාවේ සමාජය සහ එම සමාජයේ සමලිංගික කියවීම පිලිබදවයි.

සමලිංගික යන වචනේ අහපු ගමන් ලංකාවේ බහුතරයකගේ ඔළුවල මැවෙන්නේ සමලිංගිකයින්ගෙන් ලිංගික ක්‍රියාවලියයි. තේරෙන බාසාවෙන් කිව්වොත් බොහොමයක් පිරිමි කුතුහලයට පත්වන්නේ ආප්ප ගහන්නේ කොහොමද ?කොල්ලෝ ගහන එක ආතල්ද යනුවෙනි .. සමලිංගික සම්බන්දකම් බිහි වන්නේ හුදෙක්ම ලිංගිකත්වය මතය සහ  එය අසාමාන්‍ය , ජුගුස්පාජනක යැයි සමාජයේ බහුතරය මගින් තීරණය කර හමාරය. මිනිස්සු විවිධාකාර බව සහ රුචි අරුචි කම් වෙනස් ය යන සාමාන්‍ය ,  නොතේරෙන උන්ට මානව හිමිකම් සහ අයිවාසිකම් ගැන ඇති දැනුම ගැන කිව යුතු නොවේ

සමලිංගික භීතිකාව(homofobia) ඇති වෙන්නේ මේ අතරය .මිනිසුන්ගේ එක් එක් මොඩල් නිර්මාණය වී ඇති ආකාරය මත ඔවුන් සමාජය සහ සම්බන්දකම් දකින කෝණය වෙනස් වේ. ආදරය කිරීමට ඇති නිදහස යටතේ තමන් ආදරය කිරීමට තෝර ගත යුතු කෙනාගේ ස්ත්‍රී පුරුෂ බාවය ගැන සදහන් වන්නේ නැත . නමුත් සමාජය විසින් සංස්කෘතික සීමාවන්ට යටත්ව විෂම ලිංගිකයින්ට පමණක් අප ආකර්ෂණය විය යුතුය යන්න සම්මතය කර ඇත .මේ සම්මතය කඩාගෙන ආදරය කරන්නන් සමාජ විරෝදීන් වන අතරම මානසික ලෙඩුන් බවටද නිර්වචනය කරයි.

සමලිංගිකයන් යනු මානසික ලෙඩුන් හා සමාජය විනාශ කරනා මාෆියාවක් ලෙස හංවඩු ගසා ඇත. එම මිනිසුන්ව සමාජයට පෙන්නේන්නේ ඔවුන්ගේ ලිංගික බාවය මතය.  ඉතාමත් නිර්දය ලෙස මිනිසුන්ගේ ලිංගිකත්වයට සීමා පනවන කුහකයන්ගේ මාෆියාව තදින් පැතිරී හමාරය . පොන්නයන් යැයි අපහාසාත්මකව හදුන්වන සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්/ සමලිංගික පිරිමින්ගෙන් හොර රහසේ ආතල් ගන්නා මෙම කුහක රැල  එළිපිට ඔවුන්ව නිර්දය ලෙස විවේචනය කරයි. ලංකාවේ media  විසින් ගොයියන්ට මැජික්   මෙන් සමලිංගික සම්බන්දකම් ගැන ගවේෂණය කර ඔවුන් මානසික අසහනකාරීන් ලෙස ලේබල් කරමින් ලිපි පල කරනා අතර sex  මැජික් වන අසහනකාරීන්ට එම ලිපි ආතල් එකක් වෙයි. රෙද්ද ගලවා සමලිංගික ගැහැණු ලිංගිකව හැසිරෙන නිල් චිත්‍රපට බලා ස්වයං වින්දනයේ යෙදෙන පිරිමි රෙද්ද ඇදගෙන එලියට පැමිණ ආප්ප ගසන ගැණු යැයි කියමින් ඉතාමත් නිර්දය ලෙස සමාන ලිංගිකයින් විවේචනය කරයි. කුහකයන්ගේ සහ බඩු කාරයින්ගේ නීති සහ තහනම් කීරීම් වලින් කප්පාදු වෙන ජීවිත බොහෝය .සමලිංගික සම්බන්දකම් අසුවී සිය දිවි නසා ගත් ප්‍රමාණය ඉහලය. සමාජයේ ගල් පහරට බය වී සැගවී ජිවත් වෙන සමානයන්ගේ ප්‍රමාණය දිනෙන් දින වැඩි වේ. මීනිමරුවන් , සමුල ඝඃතකයින්. බඩුකාරයින් රට පාලනය කරද්දී  සමලිංගිකයින් රටේ අපරාධකරුවන් , මිනීමරුවන් ,සමාජ විරෝධීන් වී ඇත.

ගැනුන්ගේ ආප්ප ගැසීම සියසින් විද ගැනීමට සහ ගැහැණු දෙදෙනෙක් සමග එකවර සැප ගැනීමට නොවිසිලිමත් ආසාවකින් පෙලෙන එමෙන්ම කොල්ලන්ට කියා ආතල් ගැනීමට පුරුදු වී සිටින සමාජයේ එළිපිට රෙද්දෙන් තමාගේ යකා වහගෙන සිටින කුහකයින්ට සම්බන්දකම් සහ මිනිසුන්ගේ ලිංගිකත්වය තීරණය කිරීමට ඉඩ දිය නොහැක. සීමා වැට බැදිය නොහැක. කතා කිරීමේ නිදහස කප්පාදු කර ඇත. නැරබීමේ නිදහස කප්පාදු කර ඇත. ලිවීමේ නිදහස කප්පාදු කර ඇත . නිදහස යන වචනයම කප්පාදු කර ඇත . මිනිස්සුන්ගේ ආදරය කිරීමත් ලිංගික බාවයත් කප්පාදු කර ඇත . ආදරය කරන්නේ ස්ත්‍රියක් සහ පිරිමියක් පමණි. ස්ත්‍රියන් දෙදෙනෙකු ආදරය කිරීම අසම්මතයයි. පිරිමින් දෙදෙනෙකු ආදරය කිරීම පොන්න කමයි. සමලිංගිකයින් පොන්නයින් වෙද්දී කුහකයින් සම්මතය රකින රෙදි අදින උන් බවට පත් වෙයි. 

හෝමෝෆෝබිය යනු සමලින්ගිකයින්ට දක්වන  අසාමාන්‍ය වෛරය හා බීතියයි.  විවේචනය කිරීමේ අයිතිය හා පන්න පන්නා පහර දීම අතර ඇත්තේ ලොකු වෙනසකි. අකමැත්ත හා කැමැත්ත සැගවීම අතර ඇත්තේ සෑහෙන්න වෙනසකි. හොරෙන් විදීම සහ ප්‍රසිද්දියේ ඒවා වාරණය කිරීම තුල  ඇත්තේ කුහක කමකි.

මෙම ලියමන තිරය පිටුපස  කොල්ලන් ගසන , ආප්ප සීන් බලා ස්වයං විදනයේ යෙදෙන තිරය ඉදිරියට පැමිණ ඒවා වරණයට කෑ ගසන අසහනකාර කුහක බදුකාරයින්ටය... 
 
Link  http://magejointeka.blogspot.com/2011/12/blog-post_1724.html

සමලිංගිකයින් සමාජ විරෝධීන්ද ??? by රමේෂා , http://magejointeka.blogspot.com

 

මිනිසුන්ගේ රුචි අරුචිකම් එ‍්‍කිනෙකට අසමාන වීම සාමාන්‍ය දෙයකි.ගැහැනියකගේ සහ පිරිමියකගේත් හුදෙක් සියළු මිනිසුන්ගේත් ලිංගික ආකර්ශනය එකිනෙකට වෙනස් වේ. ගැහැනියක ආකර්ශනය විය යුත්තේ පිරිමියෙකුට පමණක් බවත් පිරිමියෙකු ආකර්ශනය විය යුත්තේ ගැහැනියකට බවත් එය සම්මතය බවටත් සිතනා බහුතරයක් තවමත් අප අතර වෙයි..එනම් අප මිනිසුන් සියල්ල විශම ලිංගිකයින් විය යුතු බවට ඇති සමාජ සම්මතයයි.. නමුත් මිනිසුන්ගේ සිතුම් පැතුම් ආකර්ශනය හා සංවේදීතාවය එකිනෙකට වෙනස් වීමේ හේතුව මත මිනිසුන්ගේ ලිංගිකත්වය විශම ලිංගික/ සමාන ලිංගික හා සංක්‍රාන්ති ලිංගික යනුවෙන් විවිධ පැතිකඩවල් ඔස්සේ ගලා ගෙන යයි..මනුෂ්‍යයන් වන අප අනෙකාගේ ලිංගික තෝරා ගැනීමට ගරු කළ යුතු අතර සම්මතයෙන් එපිටට යාම විහිළුවට ළක් කළ යුතු කරුණක් හෝ අපහාසයට ළක් කළ යුතු කරුණක් නොවේ.. ආගම් බිහි වූයේද මිනිසුන්ගේ රුචි අරුචි කම් හා සිතුම් පැතුම් මෙන්ම විශ්වාසය මතය.බොහෝමයක් ආගම් වල හා මිනිසුන්ගේ විශ්වාසයන් අතර සමාන ලිංගිකයින් එසේත් නැත්නම් සමලිංගිකයින් වීම පවක් ලෙසින් දක්වා ඇත.දෙවිවරු හා ආගම් බිහි වූයේ මනුෂ්‍ය වර්ගයා බිහි වීමෙන් අනතුරුව බැවින් කිසි විටකත් මිනිසුන්ගේ ලිංගිකත්වය ප්‍රශ්ණ කිරීමට ආගමකට අයිතියක් නොමැති බව මගේ අදහසයි..
පිරිමියෙකු කාන්තා ඇදුමක් ඇදගෙන ගියහොත් එය විහිළුවට ළක් වන කරුණක් වන අතර සම ලිංගිකයින් සමාජයේ ප්‍රසිද්ධියේ තමන් සමලිංගිකයින් යැයි පිළිගතහොත් එය අපහාසයට ළක් වන කරුණක් වේ. මේ සියල්ල ඇති වන්නේ මිනිසුන්ගේ පටු සිතීම අනුවය. තමන් සමලිංගිකයෙකු නොවීම අනෙකුත් සමලිංගිකයින්ව ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොවේ. එසේම පිරිමින් දෙදෙනෙකු අතර ඇති වන සම්බන්ධතාවයක් අනෙකුත් පිරිමින්ට (විශම ලිංගික) අප්‍රසන්න කාරණාවක් වන අතර ගැහැනුන් දෙදෙනෙකු අතර ඇති වන සම්බන්ධකමක් ඔවුන්ට කථා කිරීමට කැමති ලිංගික උත්තේජනයක් වන කරුණක්ද වේ. මෙය අපට සමාජයේ දක්නට ලැබෙන දෙයකි.. සමලිංගිකත්වය මානසික රෝගයක් ලෙසින් විවේචනයට ළක් වූවත් නූතයේ සමලිංගිකත්වය යනු මානසික රෝගයක් නොවන බවට සොයාගෙන ඇත. එසේම දියුණු රටවල සමලිංගික විවාහද නිත්‍යානූකූල කර ඇත.
ලංකාවේ මාධ්‍ය සමලිංගිකත්වය යන කරුණ ඉදිරියේ හැසිරෙන්නේ සමාජ විරෝධී දෙයකට විරුද්ධ වන්නන් ලෙසිනි. මෑතකදී රිවිර පුවත්පතේ ගවේශන යටතේ එක් මාධ්‍යවේදීයෙක් යැයි කියා ගත් පුද්ග‍ලයෙකු ලංකාවේ ප්‍රධාන සමලිංගික සංවිධානයක් තුළ වෙනත් නමකින් පෙනී සිටිමින් සියලු තොරතුරු එක් රැස් කරගෙන ඒවා ගවේශනාත්මක ලිපියක් ලෙසින් ලියා තිබුනි. ඔහු එම සංවිධාන‍ය තුළ සමලිංගිකයෙකු මෙන් පෙනී සිටිමින් අවසානයේ සියළු තොරතුරු සමාජයට වාර්තා කළ අතර එයින් පෙන්වා දුන්නේ සමලිංගිකයින් යනු මානසික රෝගීන් බවත් ලංකාවේ සමලිංගික මාෆියාවක් ඇති බවත්ය. ඉතා අවාසනාවන්ත ලෙස ඉන්පසුව එම සංවිධානයට ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩාල කිරීමටත් තවත් රහස්‍ය ‍ලෙස කිරීමටත් සිදු විය..
රිවිර පුවත්පතේ ගවේශනාත්මක ලිපි යටතේ එම ලිපිය ලිවූ මාධ්‍යවේදියෙකු යැයි කියාගත් නූගත් අසංවේදී පුද්ගලයා නොදන්නා දෙයක් ඇත. එනම් සමලිංගිකයින් ‍වෙනුවෙන් පෙනී සිටි එම සංවිධානය විසින් ප්‍රධාන සමාජ රෝග පිළිබදව සමලිංගිකයින් අතරේ කරගෙන ගිය ක්‍රියාවලියයි.සමාජ රෝග පැතිරීම වැළැක්වීම සදහා සංවිධානයක් ලෙසින් ඔවුන් මෙම සමාජයට දුන් දායකත්වය අවසානයේ නූගත් මාධ්‍යවේදියෙකු අතින් ලියවුනේ ඉතාමත් පහත් ලෙසිනි. මේ අපේ මාධ්‍යයේ ඇති උගත් කම සහ නිදහසයි..
සමලිංගිකයින් යනු සමාජ විරෝධිකයින් යැයි හදුන්වනා මාධ්‍යට සැබෑ සමාජ විරෝධීන් පෙනෙන්නේ නැත. රිවිර පුවත් පතේ කතෘද ‍කශේරුකාවක් නැති නූගත් පුද්ග‍ලයෙකු බව මගේ පුද්ගලික මතයයි..
සමලිංගිකයින් මනුෂ්‍යයන් වන අතර වෙනස ඔවුන් බහුතරයකගේ තෝරා ගැනීම වන විශම ලිංගිකත්වය තෝරා නොගෙන සමාන ලිංගිකත්වය තෝරා ගැනීම පමණි. ඔවුන් සමාජයේ අයිතිවාසිකම් ලැබිය යුතු පුරවැසියන් වන අතර ගුණ ගරුක යහපත් සදාචාර සම්පන්න රජය විසින් ඔවුන් සමාජ විරෝධීන් කර ඇත. මිනිසුන් උන්ට හදා දුන් කොටු තුළ ජීවත් වීම උන්ගේ කැමත්තකි. එසේම උන් උන්ට හදා දුන් එම කොටු කඩාගෙන ඉන් පිටත තම ජීවිතය ජීවත් කරවීමට උත්සාහ දරන්නේ නම් එය උන්ගේ කැමැත්තකි. තමන්ගේ ලිංගිකත්වය තෝරා ගැනීම සමාජ විරෝධී ක්‍රියාවක් වන්නේ නැත. එය අනිත් උන්ගේ උපහාසයට ළක් විය යුතු කරුණක් වන්නේද නැත. ආදරයට ලිංගික භේදයක් නොමැති අතරම සියළු මිනිසුන්ට තෝරා ගැනීමේ නිදහස තිබිය යුතුය..
මිනිසුන් කොටු කඩාගෙන ඉන් පිටතට පැමිණීම රජයක් ‍ලෙසින් අනුමත නොකරන්නේ ඔවු‍න්ගේ පැවැත්ම පිළිබදව ඔවුන්ට ඇති අනියත බිය හේතුවෙනි.. සමලිංගිකයෙකු වීම තවදුරටත් බිය විය යුතු කරුණක් නොවන අතරම ඔවුන්ගේ නිදහස කප්පාදු කරන්නන් වෙනුවෙන් කථා කිරීමටද තව දුරටත් දෙවරක් සිතිය යුතු දෙයක් නොවේ..සමලිංගිකයින් පිළිබදව සමාජයට වැරදි මත පළ කරන්නන් ලිංගික කුහකයින් විනා වෙන කිසිවෙකුත් නොවේ.

Link http://magejointeka.blogspot.com/2012/07/blog-post_12.html

Monday, September 14, 2015

පුතා මේ උවදුරෙන් බේරාගන්නේ කෙසේද?

පුතා මේ උවදුරෙන් බේරාගන්නේ කෙසේද?

මාගේ 29 හැවිරිදි පුතා අවිවාහකය. අප ඔහුට යෝජනා කළ ගැහැණු ළමයා සමග විවාහය ස්ථිර බව දැන ඔහු ඇයට පවසා තිබෙනවා තමා පිරිමි අය සමග ලිංගික සබදතා පවත්වන බව.මේ විස්තරය මාගේ වැඩිමහල් දියණියට ද ඔහු පවසා ඇත.අප ඉදිරිපත් කරන විවාහ යෝජනාවලට ඔහු අකැමැති වෙනවා.මාගේ පුතා මේ උවදුරෙන් බේරාගන්නේ කෙසේද?


ඔබේ පුතා පූර්ණකාලීන සමලිංගිකයකු බව ඔහු පැහැදිලිවම පවසා ඇත.මෙය Full Time Adult Male Homosexual ලෙස ඉංග්‍රිසියට​ පරිවර්තනය කළ හැකිය.සිරි ලංකාව ඇතුළු මෙලොව සෑම රටකම සෑම ජාතියකම සෑම ආගමකම වැඩිහිටි පිරිමින්ගෙන් 6%-8% පමණ සමලිංගික පුරුෂයෝ වෙති.තවත් සමහර පිරිමි අර්ධකාලීන සමලිංගිකයෝ වෙති.සමලිංගිකත්වය මානසික රෝගයක් හෝ ලිංගික දුරාචාරයක් හෝ නොවේ.බටහිර වෛද්‍ය කමයේ නූතන පොදු සම්මුතිය සමලිංගිකත්වය මානව ලිංගිකත්වයේ එක් විකල්පයක් හෙවත් මනාපයක් බවය.ඔබේ පුතාට විවාහවීමට බලකිරීමෙන් වන්නේ ඔහුගේ ඒ අහිංසක මනාපය හතර වටේම පසිද්ධවීම නොවේද? ඔහු විවාහ වුණොත් ඒ විවාහය බිදවැටි පවුල් දෙකම සතුරන් වියහැකිය.ඇමෙරිකා එක්සත් ජනපදයේ ශේෂ්ඨාධිකරණය මෑතදී සමලිංගිකයන් දෙදෙනෙකු අතර විවාහය නීත්‍යානුකූල බව තීරණය කර ඇත.බොහෝ විදෙස් රටවලද එසේමය .උවදුර පුතා නොව මවය.ගැටලු දෙක නම් නොදැනීම සහ යථාර්ථය පිළිගැනීමට නොහැකි වීමය. 

 මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා




(උපුටා ගැනීම - 2015.07.20 ලංකාදීප පත්තරයේ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පිළිතුරු සපයන සුව සෙවණ ලිපියෙනි)





 ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර් ය කොල්වින් ගුණරත්න මහතා සමරිසි බව ගැන දැක්වූ නිවැරදි වටිනා අදහසයි ඒ.
ලංකාවේ සියලුම වෛද්‍ය විද්‍යාත්මක උගතුන් මේ ගැන ඇත්ත දැන ගෙන සිටියත් සමාජයට ඇති බිය නිසා ඔවුන් කිසිවක් නොකියා නොයෙක් වැල් වටාරම් කියමින් සිටිති.අන්තිමට මේ ගැන කිසිම විද්‍යාත්මක දැනුමක් නොමැති මාධ්‍ය වේදීන් කියා ගන්නා පිරිස් මහා ප්‍රාඥයින් ලෙස තමන්ට හිතෙන දෙයක් හරි දේ විදියට සිංහල පත්තරවල පිටු පුරා ලියති.විසි එක්වෙනි සියවසේ විද්‍යාත්මක දැනුමත් ලාංකිකයන් ගේ උගත් කම ගැනත් පුරසාරම් කියමින් සිටිනා පොදු ජනතාව අදාළ ලිපි සත්‍ය ලෙසම පිළිගෙන මෙවන් ප්‍රශ්න අසති.එවන් පසුබිමක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර් ය කොල්වින් ගුණරත්න මහතාගේ නිවැරදි නිර්භය ඍජු අදහස් දැක්වීම ඉතාමත් වටී.

සමරිසි බව ගැන සම්පූර්ණ විද්‍යාත්මක තොරතුරු පහත ලිපි දෙකෙන් කියවන්න​.



1.කෙනෙක් සමරිසි වෙන්නෙ ඇයි ? Causes for Homosexuality

 http://forbiddendtree.blogspot.com/2015/05/causes-for-homosexuality.html

2. සමරිසි බව වෙනස් කරන්න පුළුවන් ද​? Can homosexuality be changed?

 http://forbiddendtree.blogspot.com/2015/05/can-homosexuality-be-changed.html


The Science of Gay

Related Posts Plugin for WordPress, Blogger...