Sunday, November 30, 2014

සමරිසි දේශපාලනය​ LGBT Politics

දැන් මැතිවරණ උණුසුමත් එක්ක හැමතැනම දේශපාලනය,ප්‍රජාතන්ත්‍රවාදය,යහපාලනය ගැන කතා වෙනවා  ගැන කතා වෙනවා.එක එක කොටස් තමුන් ගේ මතවාද ඉල්ලීම් ඉදිරිපත් කරනවා.
වර්තමානයේ හැමෝම තම තමන්ගේ ජන් ද මල්ල ඉදිරියේ තියමින් තම ඉල්ලීම් ලබා ගන්න ඉදිරිපත් වෙනවා.







ඕන​ෑම සමාජයක් ගත්තොත් වැඩිම සුළුතරය සමරිසි පුද්ගල යින්.මෙය කොයි සමාජයටත් පොදුයි.සුළුතර අයිතිවාසිකම් ගැන ඉහළින් කතා වෙන මේ යුගයේ වැඩියෙන්ම සිටින සුළුතරය ගැන ලංකා දේශපාලන යේ කිසිදා කතා වී න​ෑ

මීට ප්‍රධාන හේතුව සමාජීය කාරණා නිසා බොහෝ සමරිසි පුද්ගලයින් එළිපිට සංවිධානය වීමට ඇති අක​ැම​ැත්තයි.ඒක එක අතකට සාධාරණයි.
ඒත් දැන් තොරතුරු තාක්‍ෂණයේ දියුණුවත් එක්ක ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත් නොවී සංවිධානය විය හැකියි.
අද සමරිසි සංස්කෘතිය ප්‍රධානවම සංවිධානය වෙලා තියෙන්නේ අන්තර්ජාලය වටා.ඒක ඇත්තටම හොඳයි.පොදු සමාජයෙන් වෙනස් වූවන්ට තමා තනි නැති බව දැනෙන්නේත් තමා වැනිම අදහස් ඇති තමන් වැනිම තව බොහෝ පිරිසක් සිටින බව දැනෙන්නේ මෙවනි අනතර්ජාල සමාජ නිසා.




ශ්‍රී ලංකාවේ ජනගහණය 2012 ගණනයට අනුව 20,263,723 .
විද්‍යාත්මක දත්තයන්ට අනුව ලෝකයේ ඕන​ෑම සමාජයක අවම වශයෙන් 1.5 % වත් සම්පූර්ණයෙන්ම සමරිසි පුද්ගලයන්.ඒ අනුව​ 303 955 සමරිසි පුද්ගලයින් ලංකාවේ සිටිනවා.
මෙය උදාහරණයක් වශයෙන් 2010 මැතිවරණයේදී කොළඹ​ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 06ක් දිනා ගත් ජන් ද සංඛාවට සමානයි.මුළු ලංකාවම ගෙන බැලුවොත් දළ වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට අවශ්‍ය ඡන් ද 90 060.


දැන්ම නොවුනත් මෙය යථාර්තයක් කරගත හැකි, කර ගත යුතු ක්‍රියාවලියක්.
ඇයි කියනාවනම් දේශපාලන නියෝජනයකින් තොරව කිසිදා කිසිදු ඉල්ලීමක් දිනා ගත නොහැකි නිසා.

Referance - http://en.wikipedia.org/wiki/Sri_Lankan_parliamentary_election,_2010

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...