Monday, June 25, 2012

වැරන් බඳුන​(warren cup)

සමහර දෙනා සිතනුයේ සමරිසි භාවය අලුතින් ඇතිවූ සංකල්පයක් බවයි.එහෙත් එය සම්පූර්ණයෙන්ම වැරදි මතයකි.
එයට හොඳම උදාහරණයකි මේ වැරන් රිදී බඳුන​.
එය ක්‍රිස්තු වර්‍ෂ 1 වන සියවසේ නිර්මාණය වූ ඉතා උසස් රෝම කලා කෘතියකි.නමුත් එයින් නිරූපණය වන දෙය නිසා මෑතක් වන තුරුම කෞතුකාගාර වලින් ප්‍රතික්‍ෂේප වූවකි.
එහි ප්‍රධානවම අනර්ඝ කැටයම් දෙකක් ඇත​.ඒ දෙකින්ම දැක්වෙන්නේ තරුණයන් දෙදෙනෙකු සමලිංගිකව හැසිරෙන ආකාරයයි.



මේ රිදී බඳුන රාත්‍රී සමාජ සාද සඳහා භාවිතා වූ වක් බව ඉතිහාසඥයන් ගේ අදහසයි. මෙයින් ආදි රෝම සමාජයේ ලිංගිකත්වය පිළිබඳ කෙතරම් නිදහස් අදහස් පැවතුනිද යන්න මනාව තහවුරු වේ.මෙවැනි සමලිංගික ක්‍රියා දැක්වෙන ග්‍රීක හා රෝම කලා කෘති රාශියක් හමු වී ඇත​.
ආදි රෝම සමාජය ලිංගිකත්වය විෂම හෝ සමලිංගික ලෙස නොබෙදූ අතර ඔවුන්ට සමලිංගිකත්වය සඳහා වෙනම වචනයක්ද නොවීය​.වහලාගේ සිට අධිරාජයා දක්වා ලිංගික නිදහස පැවතුනි.
එයින් ප්‍රසිද්ධම ආදර කතාව Hadrian නම් අධිරාජයා හා නම් Antinous ග්‍රීක තරුණයා අතර සමරිසි සම්බන්ධයයි.



මෙම බඳුනේ එක පසෙක වැවුණු රැවුලක් සහිත පුරුෂයෙකු හා ඔහුට වයසින් බාල තරුණයෙකු ලිංගිකව එක්වන අයුරු නිරූපිතය.තවත් තරුණයෙක් ඔවුන් ගේ ලිංගික හැසිරීම දෙස බලා සිටිනු පසෙකින් දැක්වෙයි.
 පුරුෂයින් දෙදෙනාම ජව සම්පන්න ක්‍රීඩා ශීලී සිරුරු ඇත්තෝ වෙති.අවට පරිසරය වංශවත් පසුබිමක් පෙන්වයි.

අනෙක් පස රූපයෙන් දැක්වෙන්නේ නව යොවුන් තරුණයන් දෙදෙනෙකු සමලිංගිකව හැසිරෙන ආකාරයයි.
සමහර ඉතිහාසඥයන් ගේ මතය වන්නේ මෙයින් තරුණ සේවකයකු හා ඔහුගේ තරුණ ස්වාමියා අතර සමලිංගික සම්බන් ධයක් නිරූපනය වන බවයි.


මෙම අගනා කලා කෘතිය පොළවෙහි වැලලී තිබී හමුවූ අතර​1911දී Edward Perry Warren විසින් ජෙරුසෙලමේදී පවුම් 2000 කට මිලදී ගන්නා ලදී.
1950 ගණන් වලදී මෙම බඳුන විකිණීමට ඉදිරිපත් වුවද මෙහි ඇති දර්ශන නිසා සෑම කෞතුකාගාරයක්ම මෙය ප්‍රතික්‍ෂේප කළ අතර ඇමෙරිකාව මෙය එරටට ගෙන ඒමද තහනම් කළේය​.
එහෙත් 1999දී මෙම රිදී බඳුන නැවත වෙන්දේසි වූ විට ලොව පුරා සෑම ආයතනයක්ම මෙම බඳුන අයත් කර ගැනීමට තරඟ කළහ​.
අවසානයේ බ්‍රිතාන්‍යය කෞතුකාගාරය මෙම බඳුන පවුම් මිලියන 1.8 කට මිලදී ගත්තේය​.එය 1950දී ඉදිරිපත් වූ ගනන මෙන් කිහිප ගුණයකි.
දැන් මෙම බඳුන එම කෞතුකාගාරයේ විශේෂ මැදිරියක මහජන ප්‍රදර්ශනයට තබා ඇත​.

Further reading

http://www.bbc.co.uk/ahistoryoftheworld/objects/D6XhBBXCTPy-tLxOUvy-FQ

http://en.wikipedia.org/wiki/Warren_Cup

2 comments:

  1. හුඟක් වැදගත් ලිපියක්. තව මේවගේ හුඟක් කලා නිර්මාන තිබෙනවා ලෝකය පුරාම.නේද සන්තුෂ්?

    ReplyDelete
  2. ඇත්තෙන්ම සහෝ,හුඟ දෙනෙක්ට ඒ ගැන හරි වැටහීමක් නෑ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...